පුවත්

නාමල් සැප්තැම්බර් 23 දක්වා රිමාන්ඩ්

නාමල් සැප්තැම්බර් 23 දක්වා රිමාන්ඩ්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන්යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එළැඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියම කළේය.

රුමේෂ් ගේ කැඩුණු හෙල්ල 5 ගැන තුර්කි ගුවන් සේවයේ ප්‍රතිචාරය මෙන්න

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග දිවයිනට පැමිණීමේ දී ඔහුගේ ක්‍රීඩා උපකරණ වලට සිදුව ඇති හානිය පිළිබඳව තුර්කි ගුවන් සේවය සිය කනගාටුව ප්‍රකාශ කර ඇතැයි වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

මෙරට අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණයට සහ AI තාක්ෂණය හඳුන්වාදීමට චීන සහාය

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණ වැඩපිළිවෙළට සහ AI තාක්ෂණය හදුන්වාදීමට චීන රජයේ සහාය ලබාදීම පිළිබඳ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර සහ ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) අතර සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යාංශයේදී සිදුකර තිබේ.

Read More

අරවින්ද සිල්වා අත්අඩංගුවට ගන්න වරෙන්තු

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගා අනුෂ්කා විජේනායක අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (16) වරෙන්තු නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලාංකිකයන්ට තායිලන්තයේ රැකියා අවස්ථා 10,000ක්

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශ්‍රම සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තායිලන්තයේ රැකියා සඳහා යොමු කිරීම සම්බන්ධ වැදගත් ගිවිසුම් කිහිපයකට පසුගියදා බැංකොක් නුවරදී අත්සන් තැබූ බව විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාව රනින් සැරසූ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් දිවයිනට : හෙල්ල 5කට ගුවන් ගමනේදී හානි

හංගේරියාවේ බුඩාපේස්ට්හි පැවැති World Athletics Ultimate Championship තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 91.09ක විශිෂ්ට දුරක් වාර්තා කරමින් පළමු ස්ථානය දිනා ගත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග අද (15) උදෑසන දිවයිනට පැමිණියේය.

Read More

ළමා අපරාධ චෝදනා ලැබූ අයට රාජ්‍ය සේවය තහනම් !

ළමයින් සමඟ සෘජුව කටයුතු කරන රැකියා සඳහා රාජ්‍ය සේවයට බඳවා ගන්නා පුද්ගලයන් ළමා අපරාධ සම්බන්ධයෙන් චෝදනා හෝ සම්බන්ධතාවක් නොමැති බව තහවුරු කෙරෙන සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය කිරීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල රජයේ අපේක්ෂාව ගැන අගමැතිනිය කියයි

ලෝකයේ දැනුම අත්පත් කර ගැනීම සඳහා අනාගත දරු පිරිස සූදානම් කිරීම මෙන්ම රටට වැඩදායී ආත්ම ශක්තියකින් හෙබි දරු පරපුරක් නිර්මාණය කිරීම අරමුණු කරගෙන, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

Read More

දෙහිවල ළමුන් දෙදෙනෙක් මරා දැමුණු අත්බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට

දෙහිවල, සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More