ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග දිවයිනට පැමිණීමේ දී ඔහුගේ ක්‍රීඩා උපකරණ වලට සිදුව ඇති හානිය පිළිබඳව තුර්කි ගුවන් සේවය සිය කනගාටුව ප්‍රකාශ කර ඇතැයි වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඊයේ (15) දිනයේ දී මෙම සිදුවීම සම්බන්ධයෙන් වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ Turkish Airlines ආයතනයේ නියෝජිතයින් පිරිසක් අතර පැවති හමුවේදී අදාළ ආයතනයේ නිලධාරීන් මෙලෙස සිය කනගාටුව පළ කර ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය ආයතනික විමර්ශන කටයුතු සිදුකිරීමට හා එම හානිය පිළිබඳව නිසි ඇගයීමක් සිදුකරන ලෙස අදාළ හානිය කඩිනමින් ප්‍රතිපූරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් තීරණය වී තිබේ.

හංගේරියාවේ බුඩාපේස්ට්හි පැවැති World Athletics Ultimate Championship තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 91.09ක විශිෂ්ට දුරක් වාර්තා කරමින් පළමු ස්ථානය දිනා ගත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග ඊයේ (15) උදෑසන දිවයිනට පැමිණි අතර ඔහු සතු හෙල්ල 5ක් ගුවන් මගින් ගෙන ඒමේදී කැඩී හානිවී ඇති බව වාර්තා විය.
 

r354.JPG

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.