හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

ඔවුන් අද දින අලුයම 01.10ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්- 469 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණි.

ශිරන්ති රාජපක්ෂ ඊයේ (15) දිනයේ දී අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර තිබුණු අතර ඇය රෝහලේ සිටම ගුවන් තොටුපොළ වෙත අද අලුයම රැගෙන ගොස් තිබේ.

කෙසේ වෙතත් ගුවන් යානයට ගොඩ වී යානය පිටත්වීමේ අවසන් නිවේදනය නිකුත් කරන අවස්ථාවේ දී ශිරන්ති රාජපක්ෂ ට ලබන 24 වැනි දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) හමුවේ පෙනී සිටින ලෙස පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර ඇතැයි වාර්තා වේ.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.