PHP පද්ධති ආරක්ෂක දුර්වලතා ගැන CERT අනතුරු අඟවයි
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ළමා දින ජාතික සැමරුම් වැඩසටහනට සමගාමීව ළමා දින ජාතික සතියක් ප්රකාශයට පත් කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, 2026-09-25 දින සිට 2026-10-01 දින දක්වා වන කාලය ' ළමා දින ජාතික සතිය - 2026' ලෙස ප්රකාශයට පත් කරමින් විශේෂ වැඩසටහන් ක්රියාත්මක කිරීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්යවරිය විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාව, අධ්යාපනය, සෞඛ්යය සහ යහපැවැත්ම පිළිබඳ සමාජ අවධානය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්රී ලංකාව තුළ සෑම වසරකම ඔක්තෝබර් මස 01 දින ළමා දිනය සැමරීම සිදු කරනු ලබයි.
වර්තමානයේ දරුවන් මුහුණ දෙන අභියෝග සාම්ප්රදායික ළමා ආරක්ෂණ ගැටලු ඉක්මවා යමින් අන්තර්ජාලය හා ඩිජිටල් තාක්ෂණය ආශ්රිත අවදානම්, මානසික හා සමාජයීය පීඩන, නොසලකා හැරීම සහ විවිධ සමාජ හා ආර්ථික අවදානම් තත්ත්වයන් දක්වා පුළුල් වී ඇති බව නිරීක්ෂණය කර ඇති බව සඳහන් වේ.
එමෙන්ම, දරුවන්ගේ පමණක් නොව දෙමාපියන්, ගුරුවරුන්, රාජ්ය නිලධාරීන්, සේවා සපයන්නන්, පොදු මහජනතාව ඇතුළු දරුවන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වන සියලු පාර්ශ්වයන්ගේ, ළමා අයිතිවාසිකම් හා ආරක්ෂාව සම්බන්ධයෙන් වන දැනුම්වත්භාවය වර්ධනය කිරීමේ අවශ්යතාව හඳුනාගෙන ඇති බැවින් ළමා අයිතිවාසිකම් පිළිබඳ මහජන දැනුම්වත් භාවය ඉහළ නැංවීම, දරුවන් පිළිබඳ සමාජ සංවේදීතාව වර්ධනය කිරීම සහ ළමා ආරක්ෂාව සඳහා ප්රජා සහභාගිත්වය වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් ළමා දින ජාතික සැමරුම් වැඩසටහනට සමගාමීව ළමා දින ජාතික සතියක් ප්රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්රියාත්මක කිරීම සඳහා භාවිත කරන PHP පරිගණක භාෂාවේ දශකයකට වැඩි කාලයක් හඳුනා නොගත් බරපතළ ආරක්ෂක දුර්වලතා කිහිපයක් කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් හඳුනාගෙන තිබේ.
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.