දෙහිවල, සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වනවිට ක්‍රියාත්මක බවයි.

පසුගිය 11 වැනිදා අලුයම 3.00ට පමණ නාඳුනන පුද්ගලයෙකු විසින් අදාළ නිවසට අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබුණි.

ප්‍රහාරයෙන් නිවසේ පදිංචිව සිටි වයස අවුරුදු 11 සහ 17 යන වයස්වල පසුවූ සහෝදරයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ඔවුන්ගේ 55 හැවිරිදි පියා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.