එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටියේ, ඉදිරියේ දී තද වැසි, නායයෑම් සහ ගංවතුර ඇති වෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.
"අපි දැන් ඊළඟට ලෑස්ති වෙන්න ඕනේ තද වැසී වලට. එහෙම නැත්නම් ගං වතුර නායයාම් වගේ දේවල් වලට තමයි. අපි බලාපොරොත්තු වෙනවා මේ තාවකාලිකව මේ නියඟේ පැවැති පැති වලට වැස්ස ඊයේ පෙරේදා ලැබුණත් ආයේ දවස් කීහිපයක් වැස්ස අඩු වේවි. නමුත් මේ මාසේ අවසන් සතිය වෙනකොට තව දවස් 10කින් විතර පස්සේ ලංකාවේ බොහෝ ප්‍රදේශවල හවස් කාලයේ වැසී හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේවි. ක්‍රමක්‍රමයෙන් පැතිරිච්ච වැස්සක් දිවයින පුරාම වගේ වැස්සක් අපි බලාපොරොත්තු වෙනවා.
ලබන මාසය ගත්තහම අපි වැසී තත්ත්වය ඉහල, වැඩි අගයකට යාවී කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔක්තෝබර් නොවැම්බර් මාස දෙකේ ලැබෙන්න ඕන වැස්සට වඩා වැඩි ලැබේවි. මොකද එල්නිනෝ තත්ත්වයක් තියෙනකොට මේ ආන්තික දේවල් වැඩි වෙනවා. එතකොට අර මම කිව්වා වගේ ගං වතුරක් එන්න පවා ඉඩ කඩක් තියෙනවා. ඒ වගේම නායයාම් වෙන්න පුළුවන්. ඒ ගැන අපි අවධානයෙන් ඉන්න ඕනේ. "