PHP පද්ධති ආරක්ෂක දුර්වලතා ගැන CERT අනතුරු අඟවයි
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශ්‍රම සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තායිලන්තයේ රැකියා සඳහා යොමු කිරීම සම්බන්ධ වැදගත් ගිවිසුම් කිහිපයකට පසුගියදා බැංකොක් නුවරදී අත්සන් තැබූ බව විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම ගිවිසුම් මඟින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම්, සුබසාධනය සහ ආරක්ෂාව තහවුරු කරමින් ආරක්ෂිත හා විධිමත් රැකියා අවස්ථා සඳහා මඟ සැලසෙනු ඇත.
ඒ අනුව, තායිලන්තයේ ශ්‍රම අවශ්‍යතා සපුරාලීම සඳහා මුල් අදියරේදී ශ්‍රී ලාංකිකයන් 10,000කට රැකියා අවස්ථා ලබාදීමට එරට රජය අනුමැතිය ලබාදී තිබේ.
විශේෂයෙන් තොරතුරු තාක්ෂණය සහ සංචාරක ක්ෂේත්‍ර ඇතුළු ක්ෂේත්‍රවල ශ්‍රී ලාංකික තරුණයන් සඳහා පුහුණු රැකියා අවස්ථා පුළුල් කිරීමට ද මෙමඟින් අවස්ථාව සැලසෙනු ඇත.
ශ්‍රී ලාංකිකයන් සඳහා විදේශ රැකියා අවස්ථා විවිධාංගීකරණය කිරීම මෙන්ම දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම ගිවිසුම් වැදගත් වනු ඇති බවද විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්රියාත්මක කිරීම සඳහා භාවිත කරන PHP පරිගණක භාෂාවේ දශකයකට වැඩි කාලයක් හඳුනා නොගත් බරපතළ ආරක්ෂක දුර්වලතා කිහිපයක් කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් හඳුනාගෙන තිබේ.
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.