මෙම ගිවිසුම් මඟින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම්, සුබසාධනය සහ ආරක්ෂාව තහවුරු කරමින් ආරක්ෂිත හා විධිමත් රැකියා අවස්ථා සඳහා මඟ සැලසෙනු ඇත.
ඒ අනුව, තායිලන්තයේ ශ්‍රම අවශ්‍යතා සපුරාලීම සඳහා මුල් අදියරේදී ශ්‍රී ලාංකිකයන් 10,000කට රැකියා අවස්ථා ලබාදීමට එරට රජය අනුමැතිය ලබාදී තිබේ.
විශේෂයෙන් තොරතුරු තාක්ෂණය සහ සංචාරක ක්ෂේත්‍ර ඇතුළු ක්ෂේත්‍රවල ශ්‍රී ලාංකික තරුණයන් සඳහා පුහුණු රැකියා අවස්ථා පුළුල් කිරීමට ද මෙමඟින් අවස්ථාව සැලසෙනු ඇත.
ශ්‍රී ලාංකිකයන් සඳහා විදේශ රැකියා අවස්ථා විවිධාංගීකරණය කිරීම මෙන්ම දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම ගිවිසුම් වැදගත් වනු ඇති බවද විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.