පුවත්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්

ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තවදුරටත් මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

Read More

දුම්රිය වර්ජනය මැද ප්‍රවේශපත්‍ර Online ක්‍රමයට ගන්න අවස්ථාව

දුම්රිය මගීන් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ පහසුකම සලසා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

නඩු පිටපතක් දෙන්න අල්ලසක් ගත් අධිකරණ සේවකයෙක්ට වැඩ වරදියි

නඩු තීන්දුවක පිටපතක් ලබාදීම සඳහා රුපියල් 500ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් බවට චෝදනා එල්ල වූ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කාර්ය සහයකයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නාමල් සැප්තැම්බර් 23 දක්වා රිමාන්ඩ්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන්යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එළැඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියම කළේය.

Read More

රුමේෂ් ගේ කැඩුණු හෙල්ල 5 ගැන තුර්කි ගුවන් සේවයේ ප්‍රතිචාරය මෙන්න

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග දිවයිනට පැමිණීමේ දී ඔහුගේ ක්‍රීඩා උපකරණ වලට සිදුව ඇති හානිය පිළිබඳව තුර්කි ගුවන් සේවය සිය කනගාටුව ප්‍රකාශ කර ඇතැයි වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

මෙරට අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණයට සහ AI තාක්ෂණය හඳුන්වාදීමට චීන සහාය

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණ වැඩපිළිවෙළට සහ AI තාක්ෂණය හදුන්වාදීමට චීන රජයේ සහාය ලබාදීම පිළිබඳ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර සහ ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) අතර සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යාංශයේදී සිදුකර තිබේ.

Read More

අරවින්ද සිල්වා අත්අඩංගුවට ගන්න වරෙන්තු

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගා අනුෂ්කා විජේනායක අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (16) වරෙන්තු නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලාංකිකයන්ට තායිලන්තයේ රැකියා අවස්ථා 10,000ක්

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශ්‍රම සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තායිලන්තයේ රැකියා සඳහා යොමු කිරීම සම්බන්ධ වැදගත් ගිවිසුම් කිහිපයකට පසුගියදා බැංකොක් නුවරදී අත්සන් තැබූ බව විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශය සඳහන් කරයි.

Read More