පුවත්

PHP පද්ධති ආරක්ෂක දුර්වලතා ගැන CERT අනතුරු අඟවයි

PHP පද්ධති ආරක්ෂක දුර්වලතා ගැන CERT අනතුරු අඟවයි

PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

AI මඟින් හෙළි වූ PHP ආරක්ෂක දුර්වලතා නිසා ලොව පුරා සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක්

අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්‍රියාත්මක කිරීම සඳහා භාවිත කරන PHP පරිගණක භාෂාවේ දශකයකට වැඩි කාලයක් හඳුනා නොගත් බරපතළ ආරක්ෂක දුර්වලතා කිහිපයක් කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් හඳුනාගෙන තිබේ.

Read More

දැදුරු ඔය ගංවතුර මට්ටමට

දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පොහොට්ටුවේ 'ගමින් ගමට' රැස්වීම් ලබන සතියේ සිට - නාමල් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම් ලබන සතියේ සිට ආරම්භ කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසා තිබේ.

Read More

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය, ඉදිරි පැය 24ක කාලය තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් ඇති බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

එම්. සෆ්රාන් ආසියානු පැරා ක්‍රීඩා උලෙළේ දී මෙරටට ලෝකඩ පදක්කමක් හිමිකර දෙයි

ජපානයේ නගෝයා නුවර පැවැත්වෙන පස්වැනි ආසියානු පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා ගැනීමට එම්. සෆ්රාන් සමත්ව තිබේ.

Read More

නව ත්‍රස්ත පනතට එරෙහි පෙත්සම් අද විභාගයට

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබේ.

Read More

අද සිට දින තුනක් පැයක විදුලි කප්පාදුවක්

අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයින පුරා සිදුකිරීමට නියමිත විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.

Read More

කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධිය : අත්අඩංගුවට පත් ගණන 6ක්

කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිදුවීමට හා ඒ ආශ්‍රිත නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ තවත් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පරිසර අමාත්‍යාංශය පවසයි.

Read More

විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට

විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති අතර, දිවයින පුරා විදුලි සැපයුම ද ඉක්මනින් යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම පවසයි.

Read More

ශිරන්ති රාජපක්ෂට ඇප : විදෙස් ගමන් තහනම්

සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියම කළේය.

Read More