පුවත්

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ඇරඹේ

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ඇරඹේ

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (25) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) ආරම්භ විය.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත : අවසන් ඡන්දය අද

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනය අදට (25) යෙදී තිබේ.

Read More

නාමල්ට අල්ලස් දුන් චෝදනාවට ජානකී සිරිවර්ධන අත්අඩංගුවට

ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මි.මී 100ට වැඩි වැසි

බටහිර-මධ්‍යම සහ ඊට යාබද වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතයේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද, එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය : විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මේ වනවිට ප්‍රකාශ කරමින් පවති.

Read More

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ : ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙයි

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව සංශෝධනය කිරීම සඳහා රජය ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

Read More

සිවරාසා අනෝජන් ට සමාව ලබා ගැනීමට රජය උපරිමයෙන් උත්සාහ කරන බව ජනපති කියයි

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

Read More

ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පණ්ඩුක ජයලත් 13 වන ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී ලෝක වාර්තාවක් තියයි

කිරිගිස්තානයේදී පැවති 13 වන ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී (13th World Strengthlifting Championship – Kyrgyzstan 2026) ශ්‍රී ලංකාව නියෝජනය කළ පණ්ඩුක ජයලත් රන් පදක්කමක් දිනා ගනිමින් නව ලෝක වාර්තාවක් ද පිහිටුවීමට සමත්ව තිබේ.

Read More

මහවැලි ගඟ අවට පහත් බිම්වලට සුළු ගංවතුර අවදානමක්

මහවැලි ගංගාවේ ඉහළ ධාරා ප්‍රදේශයට පසුගිය පැය කිහිපය තුළ ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් පස්බාගේ කෝරලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More