CLOSE

පුවත්

ග්‍රාම නිලධාරිනියන් අද සිට රාත්‍රී සේවාවලින් ඉවත් වෙයි

ග්‍රාම නිලධාරිනියන් අද සිට රාත්‍රී සේවාවලින් ඉවත් වෙයි

ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් අද (14) දිනයේ සිට සියලු ග්‍රාම නිලධාරිනියන් රාත්‍රී කාලයේ සේවාවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසයි.

වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු අල්ලයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට සැක පිට පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අනුරාධපුර වෛද්‍යවරියගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න

අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ලිංගික වදහිංසාවලට ලක් වූ වෛද්‍යවරියගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සියලුම මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍යවලින් ඉල්ලීමක් කර තිබේ.

Read More

අනුරාධපුර රෝහලේ 'රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරියක' දූෂණයට ලක් කිරීම ගැන විමර්ශනයක්

මාර්තු 10 වන දින රාත්‍රියේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාන්තා වෛද්‍යවරියන්ගේ නේවාසිකාගාරයට අනවසරයෙන් ඇතුළු වූ අයෙකු එහි සිටි වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිදුවීමක් වාර්තා වී ඇතැයි පොලිසිය පවසයි.

Read More

දේශබන්දුට විවෘත වරෙන්තුවක්

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.

Read More

පොලිසිය සොයමින් සිටින දේශබන්දු තෙන්නකෝන්ගෙන් අධිකරණයට පෙත්සමක්

අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය සොයාමින් සිටින, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

Read More

හිටපු පොලිස්පති දේශබන්දු සොයන්න පොලිස් කණ්ඩායම් 6ක්

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 6 ක් යොදවා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

Read More

කෝටි 17ක් වටින හෂීෂ් තොගයක් රැගෙන ආ තරුණියක් අත්අඩංගුවට

රුපියල් දහ හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා "හෂීෂ්'' මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සඟවා ගෙන පැමිණි විදේශීය තරුණියක් කටුනායක ගුවන්තොටේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හිටපු ඇමති ප්‍රසන්න හා ව්‍යාපාරිකයකු සොයා CID පරීක්ෂණ

කූඨ ලේඛන සකස් කර කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩමක් අලෙවි කිරීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා හා ව්‍යාපාරිකයකු වන සිංගප්පූරු සරත් නැමැත්තා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිගටම පරීක්ෂණ සිදු කරන බව වාර්තා වේ.

Read More