ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි
වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,091ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත කෙටිම කාලයකින් ළඟාවීමේ අරමුණින් යතුරුපැදි භාවිත කරන නව හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුව සැරිය පදනම සැලසුම් කර තිබේ.
මෙම වැඩසටහන හඳුන්වා දෙන්නේ දැඩි වාහන තදබදය සහ මාර්ග අවහිරතා හේතුවෙන් ගිලන්රථ ප්‍රමාද වන ප්‍රදේශවල හදිසි වෛද්‍ය සේවා වඩාත් වේගවත් හා කාර්යක්ෂම කිරීමේ අරමුණෙනි.
මුල් අදියරේදී කොළඹ ඇතුළු අධික වාහන තදබදයක් පවතින නාගරික ප්‍රදේශවල මෙම යතුරුපැදි හදිසි ප්‍රතිචාර ඒකක යෙදවීමට නියමිත බව සුව සැරිය පදනම සඳහන් කරයි.
ගිලන්රථය පැමිණෙන තෙක් රෝගියාට අවශ්‍ය මූලික ප්‍රථමාධාර සහ හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම මෙම සේවාවේ ප්‍රධාන අරමුණ වන අතර, එම තීරණාත්මක කාලය තුළ ජීවිත ආරක්ෂා කර ගැනීම මෙහි ප්‍රමුඛ අවධානය බවද පදනම පෙන්වා දෙයි.
මෙම සේවාව සඳහා විශේෂ පුහුණුව ලැබූ හදිසි වෛද්‍ය කාර්ය මණ්ඩලයක් යොදවනු ලබන අතර, අත්‍යවශ්‍ය ඖෂධ සහ මූලික හදිසි වෛද්‍ය උපකරණවලින් සන්නද්ධ යතුරුපැදි ඔවුන්ට ලබාදීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය නියමු වැඩසටහනක් ලෙස මෙම වසර අවසන් වීමට පෙර කොළඹ සහ තවත් නාගරික ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව 1990 සුව සැරිය පදනම වැඩිදුරටත් සඳහන් කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,091ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
නැගෙනහිර පළාත, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පාලනය වන බෙන්තොට, කතරගම, මහියංගණය, ඇඹිලිපිටිය සහ අනුරාධපුර ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර සංචාරක ආයෝජන ව්‍යාපෘති සඳහා දීර්ඝකාලීන බදු පදනම මත සුදුසු ආයෝජකයන් වෙත ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.