මීගමුව බන්ධනාගාර ගැටුම ගැන අධිකරණ ඇමති පාර්ලිමේන්තුවට කියයි (VIDEO)
මීගමුව බන්ධනාගාර ගැටුම් සිද්ධිය ගැන පූර්ණ විමර්ශනයක් පවත්වන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවට පැවසීය.
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 700කට ආසන්න පිරිසක් අඟුණකොළපැලැස්ස, බෝගම්බර, අනුරාධපුරය, පොළොන්නරුව සහ කුරුවිට යන බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාරය තුළ ඊයේ (05) සිට ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සහ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස මෙම කඩිනම් ස්ථාන මාරු කිරීම් සිදු කර ඇති බව වාර්තා වේ.
ඊයේ මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමෙන් පසුව එම තත්ත්වය පාලනය කර තිබුණද පසුව අද (06) උදෑසන වනවිට එහි යළි නොසන්සුන් තත්ත්වය ඇති විය.
රිමාන්ඩ් භාරයේ සිටින රැදවියන් පිරිසක් සහ දඬුවම් ලබා බන්ධනාගාරගත කර සිටින රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම සිදුව තිබුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මීගමුව බන්ධනාගාර ගැටුම් සිද්ධිය ගැන පූර්ණ විමර්ශනයක් පවත්වන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවට පැවසීය.
වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,000 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියෙකු මියගොස් තිබේ.