CLOSE

මීගමුව බන්ධනාගාරය තුල අද දිනයේ ද හටගත් උණුසුම් තත්ත්වය හේතුවෙන් 8දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඊයේ බන්ධනාගාරය තුල හටගත් නොසන්සුන්කාරී වාතාවරණයෙන් පසු අද උදෑසන වනවිට බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කර තිබුණි.

කෙසේ නමුත් මේ වනවිට යළි එහි නොසන්සුන් තත්ත්වය නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.

ඊයේ දින මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුමෙන් දෙදෙනෙකු මරණයට පත්ව 38 දෙනෙකු තුවාල ලබා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.