CLOSE

පුවත්

පුෂ්පිකාගේ කිරුළ ගැලවීමේ සිද්ධිය: කැරොලයින් සහ චූලා නිදොස් කොට නිදහස්

පුෂ්පිකාගේ කිරුළ ගැලවීමේ සිද්ධිය: කැරොලයින් සහ චූලා නිදොස් කොට නිදහස්

2021 ලෝක විවාහක රූ රැජින තරගාවලියේදී පුෂ්පිකා ද සිල්වාගේ හිස මත පැළඳි කිරුළ බලහත්කාරයෙන් ඉවත් කර ඇයට තුවාල සිදුකළ බවට චෝදනා එල්ල වූ සිද්ධියට අදාළ නඩුවෙන් කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍රන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කළේය.

සුනඛයන් ලියාපදිංචිය අනිවාර්ය කරයි – නොකළොත් දඩ

ජලභීතිකා රෝගය තුරන් කිරීම සහ රටේ සුනඛ ගහනය නියාමනය කිරීමේ අරමුණින් සුනඛයන් ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමට රජය පනත් කෙටුම්පතක් හඳුන්වා දී තිබේ.

Read More

ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (14) පෙ.ව. 10.00ට සිට ප.ව. 11.30 දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කර තිබේ.

Read More

හිරේ ඉඳන් නාමල් එවූ විශේෂ පණිවිඩය මෙන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේදී ඊයේ (12) සංවිධාන කළ ‘ජන සටන’ මහා රැලිය වෙත එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විශේෂ පණිවිඩයක් යොමුකර තිබුණි.

Read More

නීති විරෝධි ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මගින් 65ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 සැප්තැම්බර් මස 01 සිට 11 දක්වා කාල සීමාව තුළ දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්; තහනම් ධීවර දැල්, නීති විරෝධි පන්නක්‍රම සහ වින්ච් යන්ත්‍ර හා ට්‍රැක්ටර් රථ භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් 63ක් නීතියේ රැහැනට හසුකර ගෙන තිබේ.

Read More

මත්තල ගුවන්තොටුපොලේ සරන මුවන් මස්කර විකුණලා : ගුවන් හමුදාවේ 5ක් අල්ලයි

මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රයේ සැරිසරන මුවන් දඩයම් කර මරා දැමීමෙන් අනතුරුව එම මස්වලින් කොටසක් පිටස්තර පුද්ගලයින්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බවට සැකපිට ගුවන් හමුදා නිලධාරීන් පස්දෙනෙකු සහ සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු මත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

'අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි' ගොවි රැලිය අද 4ට

ජාතික ජන බලවේගය සංවිධානය කරන ගොවි රැලිය අද (12) ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව දීප උයන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More

අස්වැසුම ප්‍රතිලාභීන් 2025ට සාපේක්ෂව හරි අඩකින් කප්පාදු කළා ද?

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව පසුගිය 2025 වසරට සාපේක්ෂව මෙම වසරේදී අඩකින් අඩුවී ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසීය.

Read More

ළමුන් දෙදෙනෙක් මියගිය දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන විමර්ශනයට පොලිස් කණ්ඩායම් 3ක්

දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇති බව පොලීසිය පවසයි.

Read More

මෙරට සිටින රෝහින්ග්‍යා සරණාගතයන්ට පුරවැසිභාවය ලබාදෙන මෙන් එක්සත් ජාතීන් හමුවේ ඉල්ලීමක්

වෙනත් රටක ස්ථිර පදිංචිය ලබා ගත නොහැකිව ශ්‍රී ලංකාවේ සිටින රොහින්ග්‍යා ජාතිකයන් ඇතුළු අනිකුත් සරණාගතයන්ට "පුරවැසි භාවය හෝ ස්ථිර වාසස්ථාන" සඳහා අනුමැතිය ලබාදීම පිළිබඳව සලකා බලන ලෙස, මෙරට වෙසෙන රොහින්ග්‍යා සරණාගතයෙක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

ඩොලර් මිලියන 80ක් විදෙස් ගිණුම්වලට TT කරලා : සැකකරුවෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ෆර් (TT) ක්‍රමය ඔස්සේ අමෙරිකානු ඩොලර් මිලියන 80ක මුදලක් විදේශීය බැංකු ගිණුම් වෙත හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More