CLOSE

මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රයේ සැරිසරන මුවන් දඩයම් කර මරා දැමීමෙන් අනතුරුව එම මස්වලින් කොටසක් පිටස්තර පුද්ගලයින්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බවට සැකපිට ගුවන් හමුදා නිලධාරීන් පස්දෙනෙකු සහ සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු මත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ගුවන් හමුදා නිලධාරීන් විසින් ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළ දඩයම් කළ මුවන් එම භූමියෙන් පිටතට රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේ සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

දඩයම් සඳහා භාවිත කළ බවට සැක කෙරෙන ගිනිඅවි කිහිපයක් සහ ගුවන් හමුදාවට අයත් ජීප් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් සිදුකර ඇති අතර, මත්තල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.