නඩුවේ තීන්දුව ප්රකාශයට පත් කරමින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම සඳහන් කළේ, විත්තිකාරියන්ට එරෙහිව එල්ල කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බවයි.
ඒ අනුව, හිටපු ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ මෝස්තර නිරූපණ ශිල්පිනියක වූ චූලා පත්මේන්ද්රන්ට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.
මේ වනවිට අභාවප්රාප්ත වී සිටින චූලා පත්මේන්ද්රන් වෙනුවෙන් ඇයගේ ඇපකාරිය අද අධිකරණයේ පෙනී සිටියාය.
2021 වසරේදී කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති ලෝක විවාහක රූ රැජින තරගාවලියේදී මෙම සිද්ධිය සිදුව තිබිණි.