CLOSE

දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇති බව පොලීසිය පවසයි.

අද (11) අලුයම නාඳුනන පුද්ගලයෙකු විසින් එල්ල කළ මෙම අත්බෝම්බ බරපතළ තුවාල ලැබූ 55 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ දරුවන් දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබුණි.

රෝහල්ගත කිරීමෙන් අනතුරුව අවුරුදු 11 සහ 17 වයස්වල පසුවන පිරිමි දරුවන් දෙදෙනා මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

තුවාල ලබා ඇත්තේ මියගිය දරුවන් දෙදෙනාගේ පියා වන 55 හැවිරිදි පුද්ගලයෙකි.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.