2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මේ වනවිට ප්‍රකාශ කරමින් පවති.

ඒ අනුව අදාළ විත්තිකරුවන් 24දෙනා අතුරින් විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කර ඇත.

වරදකරුවන් වූ 15 දෙනා සම්බන්ධයෙන් වන දඬුවම් අද (22) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමටද නියමිතව තිබේ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.