සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

දඬුවම් නියමවී සිටින තරුණයාගේ දෙමාපියන් අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී හමුවී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

සිවරාසා අනෝජන් ට සමාව ලබා ගැනීමට රජය උපරිමයෙන් උත්සාහ කරමින් සිටින බවත් විශේෂයෙන්, සෞදි රජුගෙන් මේ පිළිබඳව සමාව ලබා දෙන ලෙස රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ලිඛිතව ඉල්ලා සිටීමට පියවර ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කර තිබේ.

අභියාචනා ඉදිරිපත් කිරීම ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් මේ වන විට නිල වශයෙන් ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී එම තරුණයාගේ දෙමාපියන් දැනුවත් කර ඇති අතර, එම කටයුතු නිරන්තරයෙන්, සමීපව අධ්‍යයනය කරමින් සිටින බවද ප්‍රකාශ කර ඇත.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.