පුවත්

යෝෂිතට සහ කරන්නාගොඩට අධිචෝදනා

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව දූෂණ චෝදනා සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර අද (20) කොළඹ මහාධිකරණය හමුවේ භාරදෙනු ලැබීය.

Read More

පළමු ඩිජිටල් හැඳුනුම්පත මෙම වසර තුළ නිකුත් කිරීමට සැලසුම්

රජයේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය සඳහා ශක්තිමත් දායකත්වයක් සැපයිය හැකි අන්දමින් රාජ්‍ය සේවයේ තොරතුරු තාක්ෂණ අවශ්‍යතා සඳහා තොරතුරු තාක්ෂණ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් ලෙස ස්ථාපිත කිරීමට අවධානය යොමු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

Read More

සැප්තැම්බර් 19 සිට අධිවේගයට ආසන පටි අනිවාර්යයි

සැප්තැම්බර් 19 වන දින සිට අධිවේගයට ඇතුළු කරන සියලු වාහන සඳහා ආසනපටි පැලඳීම අනිවාර්ය බවත් එම නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් පොලීසිය පවසයි.

Read More

වියළි කාලගුණයෙන් හානියට පත් වගාවන් සඳහා වන්දි ගෙවීම් කඩිනමින්

වියළි කාලගුණ තත්ත්වයෙන් බලපෑමට ලක්වූ කුඹුරු ඉඩම් සඳහා වන්දි ගෙවීම් කඩිනමින් සිදුකිරීමට රජය තීරණය කර තිබේ.

Read More

22ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 3ක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් තුනක පිටපත් තමන් වෙත ලැබී ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

Read More

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම’ සඳහා වන පනත් කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Read More

නාමල්‍ රාජපක්ෂ තව ටික දවසකින් හිරේ ?

"මම දැක්කා එක ඇමතිවරයෙක් කියනවා නාමල්‍ රාජපක්ෂ තව ටික දවසකින් හිරේ යනවලු. එයාද දන්නෙ නෑ නඩු තීන්දුව දෙන්නෙ. මම අද වෙනකන් හිතාගෙන හිටියෙ නඩු අහන්නෙ ගරු අධිකරණය කියලා. අපි විශ්වාස කරන්නෙ අධිකරණය. හැබැයි ඇමතිවරයා කියන්නෙ හිරේ යනවා කියලා ඒ කියන්නෙ නඩුව ලියන්නෙ එයාද?" යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

Read More

දිවයිනට රැගෙන ආ ‘සමිට්පුර චතූ’ වැඩිදුර විමර්ශන සඳහා CCDයට

ඕමානයේදී අත්අඩංගුවට ගෙන අද (18) අලුයම ශ්‍රී ලංකාවට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන කංකානමගේ දිමුතු චතුරංග පෙරේරා හෙවත් ‘මෝදර චතූ’ හෙවත් ‘සමිට්පුර චතූ’ වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) වෙත රැගෙන ගොස් තිබේ.

Read More

ඩොලර් බිලියනයක නීතිවිරෝධී මුදල් හුවමාරු ජාවාරමක් – පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස විදේශ රටවලට මාරු කිරීමේ ජාවාරමකට සම්බන්ධ බවට සැකපිට මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More