PHP පද්ධති ආරක්ෂක දුර්වලතා ගැන CERT අනතුරු අඟවයි
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ඕමානයේදී අත්අඩංගුවට ගෙන අද (18) අලුයම ශ්රී ලංකාවට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන කංකානමගේ දිමුතු චතුරංග පෙරේරා හෙවත් ‘මෝදර චතූ’ හෙවත් ‘සමිට්පුර චතූ’ වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) වෙත රැගෙන ගොස් තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු ඕමානයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව මස්කට් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමට කටයුතු කර තිබුණි.
කොළඹ 15, මෝදර, සමිට්පුර ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි දිමුතු චතුරංග පෙරේරා, 2025 මාර්තු 22 වැනිදා ව්යාජ විදේශ ගමන් බලපත්රයක් භාවිත කරමින් ඕමානයට පලාගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබලදීම ඇතුළු බරපතළ අපරාධ රැසක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති බව පොලිසිය සඳහන් කරයි. ඊට අමතරව අත්බෝම්බ ළඟ තබාගැනීම සහ මත්ද්රව්ය ජාවාරම සම්බන්ධ චෝදනා ද ඔහුට එල්ල වී තිබේ.
කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ සැකකරු දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාරදී ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්රියාත්මක කිරීම සඳහා භාවිත කරන PHP පරිගණක භාෂාවේ දශකයකට වැඩි කාලයක් හඳුනා නොගත් බරපතළ ආරක්ෂක දුර්වලතා කිහිපයක් කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් හඳුනාගෙන තිබේ.
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.