නාමල් රාජපක්ෂ තව ටික දවසකින් හිරේ ?
"මම දැක්කා එක ඇමතිවරයෙක් කියනවා නාමල් රාජපක්ෂ තව ටික දවසකින් හිරේ යනවලු. එයාද දන්නෙ නෑ නඩු තීන්දුව දෙන්නෙ. මම අද වෙනකන් හිතාගෙන හිටියෙ නඩු අහන්නෙ ගරු අධිකරණය කියලා. අපි විශ්වාස කරන්නෙ අධිකරණය. හැබැයි ඇමතිවරයා කියන්නෙ හිරේ යනවා කියලා ඒ කියන්නෙ නඩුව ලියන්නෙ එයාද?" යැයි ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පැවසීය.