සැප්තැම්බර් 19 සිට අධිවේගයට ආසන පටි අනිවාර්යයි
සැප්තැම්බර් 19 වන දින සිට අධිවේගයට ඇතුළු කරන සියලු වාහන සඳහා ආසනපටි පැලඳීම අනිවාර්ය බවත් එම නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් පොලීසිය පවසයි.
වියළි කාලගුණ තත්ත්වයෙන් බලපෑමට ලක්වූ කුඹුරු ඉඩම් සඳහා වන්දි ගෙවීම් කඩිනමින් සිදුකිරීමට රජය තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් සඳහන් කර ඇත්තේ, කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ගේ උපදෙස් මත මෙම තීරණය ගත් බවය.
මොණරාගල, පොළොන්නරුව, හම්බන්තොට, අම්පාර සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල ජල හිඟය හේතුවෙන් වී, බඩ ඉරිඟු ඇතුළු වගාවන්ට හානි සිදුව ඇති බව දිස්ත්‍රික් මට්ටමින් වාර්තා වී තිබේ.
මේ දිනවල දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත් වී, බඩ ඉරිඟු ඇතුළු වගාවන් සඳහා වන්දි ගෙවීම් කඩිනමින් සිදු කරමින් ගොවීන්ට සිදුව ඇති වගා හානි ආවරණය ලබාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ඒ අනුව, පියවර ගෙන ඇත.
වී වගාව සම්බන්ධයෙන් මේ වනවිට ලැබී ඇති වාර්තාවලට අනුව, මොණරාගල දිස්ත්‍රික්කයේ අක්කර 1,334ක වගාබිම් ප්‍රමාණයක් ගොවීන් 960 දෙනෙකුට, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අක්කර 1,100ක් ගොවීන් 560 දෙනෙකුට, හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 435ක් ගොවීන් 782 දෙනෙකුට, අම්පාර දිස්ත්‍රික්කයේ අක්කර 1,004ක් ගොවීන් 505 දෙනෙකුට සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 2,200ක් ගොවීන් 1,900 දෙනෙකුට අයත් වගාබිම් ලෙස හඳුනාගෙන ඇත.
වී, බඩ ඉරිඟු ඇතුළු බෝග වර්ග 06ක් සඳහා වගා හානි වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් 100,000ක උපරිම වන්දි මුදලක් ගෙවීමට රජය කටයුතු කරයි. එම වන්දි මුදල උපරිම වශයෙන් අක්කර 05ක වගාබිම් සඳහා ලබාදීමට නියමිතය.
ඒ අනුව, මේ වනවිට ඉහත දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති වගා හානි අනුව කුඹුරු අක්කර 6,073කට ආසන්න ප්‍රමාණයක් සඳහා ගොවීන් 4,707කට ආසන්න පිරිසකට කඩිනමින් වන්දි මුදල් නිදහස් කිරීමට අදාළ කටයුතු කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් සිදු කරමින් පවතී.
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල හිඟය නිසා වී, බඩ ඉරිඟු ඇතුළු වගාවන්ට හානි සිදුව ඇත්නම් හැකි ඉක්මනින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ක්ෂේත්‍ර නිලධාරීන් හමුවී තම වගා හානිය පිළිබඳව දැනුම් දෙන ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටී.
එසේ නොමැති නම් ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවල පවත්වාගෙන යනු ලබන හානි දැනුම්දීමේ ලේඛනයෙහි තම වගා හානිය සටහන් කිරීමට ගොවීන් කටයුතු කළ යුතුය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ කෙටි ඇමතුම් අංකය වන 1918 ඇමතීමෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සැප්තැම්බර් 19 වන දින සිට අධිවේගයට ඇතුළු කරන සියලු වාහන සඳහා ආසනපටි පැලඳීම අනිවාර්ය බවත් එම නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් පොලීසිය පවසයි.
අගෝස්තු මාසයට අදාළ අස්වැසුම දීමනාව ලබන අද (19) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කෙරෙන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් තුනක පිටපත් තමන් වෙත ලැබී ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.