CLOSE

පුවත්

අද සිට ඉන්ධන නිකුත් කිරීම QR කේතයට

අද සිට ඉන්ධන නිකුත් කිරීම QR කේතයට

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඉන්ධන සැපයුම් මාර්ග අඩපන වීම සහ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළයාම හේතුවෙන් රට තුළ පවතින ඉන්ධන සංචිත ආරක්ෂා කිරීම සඳහා නැවත QR කේතය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

පළාත් කිහිපයකට පස්වරු 2.00 න් පසු වැසි

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

මෙරට ජනතාවගෙන් හතරෙන් එකක් දිළිඳුභාවයෙන් පෙළෙන බවට අනාවරණයක්

මෙරට ජනතාවගෙන් හතරෙන් එකක් දිළිඳුභාවයෙන් පෙළෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.

Read More

උත්සව කාලේ අන්තර්ජාල දැන්වීම් ගැන අවධානයෙන් !

එළඹෙන උත්සව සමයේ දී අන්තර්ජාලය හරහා පළ වන වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරයි.

Read More

අද (12) කාලගුණය අවධානය යොමු කළයුතු මට්ටමකට

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ''අවධානය යොමු කළයුතු" මට්ටමක පැවතිය හැකි බව දැනුම් දී ඇත.

Read More

අස්වැසුම මාර්තු මස දීමනාව අද ගිණුම්වලට

අස්වැසුම පළමු අදියරේ ප්‍රතිලාභීන් වෙත මාර්තු මාසයට අදාළ දීමනාව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් අද (12) දිනයේ අදාළ ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබේ.

Read More

රාජකාරි පැහැර හරින විදුලි සේවකයින්ට විනය ක්‍රියාමාර්ග

මේ දක්වා තමන් සිදුකළ රාජකාරී ඒ ආකාරයෙන්ම ඉටු කරමින් විදුලිබල සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසට නව සමාගම් දෙකක් විසින් විදුලි සේවකයින්ට දැනුම්දී තිබේ.

Read More

සාමූහිකව ප්‍රශ්නයට මුහුණ දෙන්න : ඉන්ධන පරිභෝජනය අවම කරන්න

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ උද්ගතව ඇති බලශක්ති අර්බුදයට මුහුණදීම සඳහා හැකි පමණින් ඉන්ධන අරපිරිමැස්මකින් යුතුව පරිභෝජනය කරන්නැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Read More

CEB හී විදුලිය සේවාව EDL සමාගමට පවරලා

විදුලි බල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ යටතේ ලංකා විදුලි බල මණ්ඩලය මෙතෙක් ඉටු කරන ලද විදුලිය බෙදා හැරීමේ වගකීම Electricity Distribution Lanka (Pvt) Limited (EDL) වෙත පවරා ඇති බව එම සමාගම නිවේදනය කරයි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මැදපෙරදිග ප්‍රචණ්ඩත්වය අවසන් කරන ලෙස පාප් වහන්සේ ඉල්ලයි

මැදපෙරදිග ඇතිව තිබෙන ප්‍රචණ්ඩත්වය අවසන් කරන ලෙසත් සංවාදය සඳහා අවකාශය විවෘත කිරීමට නව උත්සාහයන් ඉල්ලා සිටින බවත් 14 වන ලියෝ පාප් වහන්සේ පැවසූ හ.

Read More