PHP පද්ධතියේ ආරක්ෂක දුර්වලතා ගැන CERT අනතුරු අඟවයි
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
පසුගිය දා රජය විසින් ගැසට් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මතුව ඇති බරපතළ තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
යෝජිත සංශෝධනය මඟින් නඩු විභාග කඩිනම් කර අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි කිරීම අරමුණු කරන බව රජය ප්‍රකාශ කර ඇතත්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ එම ප්‍රකාශිත අරමුණු අතර ඇති සම්බන්ධතාවය පැහැදිලි නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අදාළ නිවේදනය මඟින් පෙන්වා දී ඇත.
අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, මෙම සංශෝධනය ඉදිරියට ගෙන නොයා යුතු බවට ඉදිරිපත් කර ඇති සියලු විරෝධතා සහ කරුණු නොතකා රජය තවදුරටත් එය ඉදිරියට ගෙන යාමට නීරණය කරන්නේ නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සහ සුවිශේෂී සංවේදී කරුණු සැලකිල්ලට ගනිමින්, එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකදී ජනනාව විසින් තීරණය කරනු පිණිස කැබිනට් මණ්ඩලය විසින් සෘජුවම ජනතාව වෙත ඉදිරිපත් කළ යුතු බවය.
එමඟින් මෙම කරුණ සම්බන්ධයෙන් තීරණයක් ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට සිදුවන තත්ත්වයෙන් එය ආරක්ෂා කර ගත හැකි බවද එම සංගමය පෙන්වා දෙයි.
මෙම සංශෝධනය පනවා ගැනීම සඳහා ජනමත විචාරණයක් අත්‍යවශ්‍ය වන බව ද පැහැදිලි කර ඇති අදාළ නිවේදනය, අධිකරණයේ ස්වාධීනත්වය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ලබා දී ඇති විශේෂ ආරක්ෂාව හේතුවෙන්, උසස් අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වෙනස් කිරීමක් සඳහා ජනතාවගේ පරමාධිපත්‍යය සහ ජනතාව සතු අධිකරණ බලයේ අවසාන භාරකරුවන් වන ජනතාව විසින්ම සෘජුවම අනුමැනිය ලබා දිය යුතු බවද අවධාරණය කරයි.
තවද, වෙනත් රටවල මෙවැනි ස්වභාවයේ සංශෝධන සිදු කිරීමට පෙර විනිවිදභාවයෙන් යුත්, සියලු පාර්ශ්ව ඇතුළත් කරගන් සහ දීර්ඝ උපදේශන ක්‍රියාවලීන් සිදුකර තිබුණද, ශ්‍රී ලංකාවේදී ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ කිසිදු උපදේශනයක් සිදු කර නොමැති වීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි කනස්සල්ල පළ කර තිබේ.
අර්ථවත් උපදේශන ක්‍රියාවලියක් නොමැති වීමන්, මෙම යෝජනාව අසාමාන්‍ය ලෙස කඩිනමින් ඉදිරියට ගෙන යාමන් මහජන විශ්වාසය බරපතළ ලෙස හීන කරන අතර, අනාගත රජයන් විසින් අධිකරණයේ ක්‍රියාකාරීත්වය සහ ස්වාධීනත්වය තම අභිමනය පරිදි හැසිරවීමට උත්සාහ කළ හැකි භයානක පූර්වාදර්ශයක් ද ස්ථාපිත කරන බවද අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
සම්පූර්ණ නිවේදනය පහතින්,



ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්රියාත්මක කිරීම සඳහා භාවිත කරන PHP පරිගණක භාෂාවේ දශකයකට වැඩි කාලයක් හඳුනා නොගත් බරපතළ ආරක්ෂක දුර්වලතා කිහිපයක් කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් හඳුනාගෙන තිබේ.
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.