CLOSE

චීන ආධාර යටතේ කොට්ටාව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත කලාකරුවන් සඳහා සහනාධාර නිවාස ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා සිටින කලාකරුවන්ගෙන් අයදුම්පත් කැඳවන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අයදුම්පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කලාකරු සබඳතා අංශයට රැගෙනවිත් භාරදීම හෝ පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ හැකිය.

අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2026 අගෝස්තු 25 දින වේ.

අයදුම්පත යොමු කළ යුතු ලිපිනය
සංස්කෘතික අධ්‍යක්ෂ
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
8 වන මහල, සෙත්සිරිපාය
බත්තරමුල්ල

වැඩි විස්තර හා අයදුම්පත බාගත කර ගැනීමට පහත දිගුවෙන් පිවිසෙන්න.

https://www.culturaldept.gov.lk/index.php?option=com_content&view=article&id=301:2026-08-08-04-02-56&catid=13:news&lang=si&Itemid=248

නැතහොත් සංස්කෘතික කටයුතු වෙබ් අඩවිය වන www.culturaldept.gov.lk වෙත පිවිස එහි ඇති පුවත් තීරුව වෙත පිවිසීමෙන් තොරතුරු ලබා ගත හැකිය.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.