PHP පද්ධතියේ ආරක්ෂක දුර්වලතා ගැන CERT අනතුරු අඟවයි
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ජපානයේ චිබා ප්‍රාන්තයේ නගරෙයමාහිදී 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ බවට සැකපිට 18 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
NHK වාර්තා කළේ, අදාළ තරුණයන් දෙදෙනාම ජපානයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් වන අතර එකම නවාතැනක පදිංචිව සිටි බවයි.
පොලිසියට අනුව, අඟහරුවාදා පෙරවරු 10.20ට පමණ නගරෙයමාහි පිහිටි නිවසකදී මෙම සිද්ධිය සිදුව ඇති අතර, සැකකරු විසින් පිහියකින් 21 හැවිරිදි තරුණයාගේ උදර ප්‍රදේශයට ප්‍රහාරය එල්ල කර තිබේ.
සිද්ධියෙන් අනතුරුව සැකකරු විසින් හදිසි ඇමතුම් අංක 119 අමතා ඇති අතර, තුවාල ලැබූ තරුණයා රෝහල්ගත කළද පසුව මියගොස් තිබේ.
සිද්ධිය වූ ස්ථානයේ සිටි 18 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකුගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේ දී තමා තියුණු ආයුධයකින් ප්‍රහාරය එල්ල කළ බව පිළිගෙන ඇති අතර එහිදී පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කර ඇත්තේ, මියගිය තරුණයා සහ සැකකරු එකිනෙකා හඳුනන අය බවයි.
සැකකරු පොලිසියට පවසා ඇත්තේ, තමන්ට අපහාස වන ආකාරයෙන් වචන භාවිත කිරීම, තම මවට අපහාස කිරීම සහ තමන්ට පහරදීම හේතුවෙන් කෝපයට පත්ව මෙම ප්‍රහාරය සිදු කළ බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්රියාත්මක කිරීම සඳහා භාවිත කරන PHP පරිගණක භාෂාවේ දශකයකට වැඩි කාලයක් හඳුනා නොගත් බරපතළ ආරක්ෂක දුර්වලතා කිහිපයක් කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් හඳුනාගෙන තිබේ.
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.