වාහන ආනයන බදු මත පැනවූ 50%ක අධිභාරය දීර්ඝ කෙරේ
වාහන ආනයනයේදී අය කරනු ලබන බදු මත පනවා ඇති 50%ක අධිභාරය තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.
ජපානයේ චිබා ප්‍රාන්තයේ නගරෙයමාහිදී 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ බවට සැකපිට 18 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
NHK වාර්තා කළේ, අදාළ තරුණයන් දෙදෙනාම ජපානයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් වන අතර එකම නවාතැනක පදිංචිව සිටි බවයි.
පොලිසියට අනුව, අඟහරුවාදා පෙරවරු 10.20ට පමණ නගරෙයමාහි පිහිටි නිවසකදී මෙම සිද්ධිය සිදුව ඇති අතර, සැකකරු විසින් පිහියකින් 21 හැවිරිදි තරුණයාගේ උදර ප්‍රදේශයට ප්‍රහාරය එල්ල කර තිබේ.
සිද්ධියෙන් අනතුරුව සැකකරු විසින් හදිසි ඇමතුම් අංක 119 අමතා ඇති අතර, තුවාල ලැබූ තරුණයා රෝහල්ගත කළද පසුව මියගොස් තිබේ.
සිද්ධිය වූ ස්ථානයේ සිටි 18 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකුගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේ දී තමා තියුණු ආයුධයකින් ප්‍රහාරය එල්ල කළ බව පිළිගෙන ඇති අතර එහිදී පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කර ඇත්තේ, මියගිය තරුණයා සහ සැකකරු එකිනෙකා හඳුනන අය බවයි.
සැකකරු පොලිසියට පවසා ඇත්තේ, තමන්ට අපහාස වන ආකාරයෙන් වචන භාවිත කිරීම, තම මවට අපහාස කිරීම සහ තමන්ට පහරදීම හේතුවෙන් කෝපයට පත්ව මෙම ප්‍රහාරය සිදු කළ බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වාහන ආනයනයේදී අය කරනු ලබන බදු මත පනවා ඇති 50%ක අධිභාරය තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.
2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ විශ්වවිද්‍යාල ලියාපදිංචිය අදින් (14) අවසන් බව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.
මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක අද (14) දිනයේදී අවධානය යොමු කළයුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.