කාලගුණයෙන් එන බාධා ගැන කියන්න උසස් පෙළ සිසුන්ට අංක දෙකක්
අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින ඕනෑම සිසුවකුට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ යම් බලපෑමක් ඇතිවුවහොත් වහාම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි වෙත හෝ 1911 අංකවලට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.