පුවත්

අපේක්ෂකයින් නාමයෝජනා පත්‍ර සමග වත්කම්, බැරකම් ප්‍රකාශ දීම අනිවාර්යයි

අපේක්ෂකයින් නාමයෝජනා පත්‍ර සමග වත්කම්, බැරකම් ප්‍රකාශ දීම අනිවාර්යයි

එළැඹෙන මහ මැතිවරණයට තරග කිරීමට නාමයෝජනා භාරදෙන පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල සියලුම අපේක්ෂකයින් නාමයෝජනා පත්‍ර සමග තමන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ අදාළ තේරීම්භාර නිලධාරීන් වෙත නාමයෝජනා පත්‍ර සමග භාරදිය යුතු බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි.

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබාදීමට අනුමැතිය ලැබී තිබේ.

Read More

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පැවසීය.

Read More

හිටපු ජනපතිගේ ආරක්ෂාව ගැන පැතිර යන ප්‍රචාර සාවද්‍යයි - වැඩබලන පොලිස්පති

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පැතිර යන ප්‍රචාර සාවද්‍ය බව වැඩබලන පොලිස්පති නිතිඥ ප්‍රියන්ත වීරසුරිය පවසයි.

Read More

පළාත් කිහිපයකට තදවැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පැවතීම නිසා නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ජනපතිවරණ අපේක්ෂකයින් 34ක් ප්‍රචාරක වියදම් වාර්තා දී නැහැ

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 34 දෙනෙකු ප්‍රචාරක වියදම් වාර්තා මෙතෙක් ලබාදී නැතැයි, ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More

මෙතෙක් කිසිදු පුද්ගලයෙකු ගිනි අවි භාර දී නෑ - ආරක්ෂක අමාත්‍යාංශය

සිවිල් පුද්ගලයින් සතු ගිනි අවි සහ පතොරම් භාර දෙන්නැයි, දැනුම් දී පැය 48 ක් ගතවී ඇතත්, මෙතෙක් කිසිදු පුද්ගලයෙකු ගිනි අවි භාර දී නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Read More

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය සලසන බවට ජනපති සහතික වෙයි

පාස්කු ප්‍රහාරයෙන් අසරණ වූ වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක සහතික වී තිබේ.

Read More

උතුරේ වරායක් නවීකරණය කිරීමට ඉන්දියාව ඉදිරිපත් වෙයි

අමෙරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රදානයක් මගින් කන්කසන්තුරේ වරාය නවීකරණය කිරීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සඳහන් කර තිබේ.

Read More

"අපරාධ චෝදනා ඇතිනම් නාමයෝජනා දෙන්න එපා!" යි ඉල්ලීමක්

අපරාධකරුවන්, අල්ලස් දූෂණ චෝදනා මෙන්ම පරිසරයට හානි කිරිමේ චෝදනා ඇති අයට මහ මැතිවරණයේ දී නාම යෝජනා දීමෙන් වළකින්නැයි මාර්තු 12 ව්‍යාපාරය සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියි.

Read More