මේ ආකාරයෙන් ගමන් ගන්නා පදිකයන්ට දැනට අවවාද කිරීම් පමණක් සිදු කළ ද ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල මේ බව කියා සිටියේ ජූලි 6 සිට 10 දක්වා පැවැත්වෙන 11 වැනි ජාතික අනතුරු නිවාරණ සතිය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමිනි.
මාර්ග අනතුරු නිසා දිනකට 10ක් මරු දකී
මාර්ග අනතුරු නිසා දිනකට පුද්ගලයන් 10 දෙනකුට වඩා මියයන අතර, 2026 වසරේ ජනවාරි 01 දා සිට ජූනි 30 දක්වා සිදුවූ රථවාහන අනතුරු 1,323කින් පුද්ගලයන් 1,389 දෙනකු මරණයට පත්ව ඇත.
2025 වසරට සාපේක්ෂව මෙම වසරේදී අනතුරු සංඛ්‍යාව 105කින් ද, මරණ සංඛ්‍යාව 107කින් ද ඉහළ ගොස් තිබේ.
අනවධානය, අපරික්ෂාකාරී බව, මාර්ග නීති උල්ලංඝනය කිරීම සහ අධික වේගය මෙන්ම වාහනවල සහ මාර්ගවල පවතින දුර්වල නඩත්තුව ද මෙම අනතුරු සඳහා ඍජුවම බලපාන බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, මෙම අනතුරුවලින් වැඩි වශයෙන්ම විපතට පත්වන්නේ පදිකයන් සහ පාපැදිකරුවන් බවද කීවේය.
ඉදිරියේදී මාර්ග නීති තදින් ක්‍රියාත්මක කර දැඩි දඬුවම් ලබා දීමටත්, රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමටත් කටයුතු කෙරෙනු ඇති බවයි එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ.