ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්
දිස්ත්‍රික්ක 23කට බලපැවැත්වෙන පරිදි ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
හැම අයවැයකදීම ආණ්ඩුව නොම්බර කියන නමුත් ග්‍රාමීය සංවර්ධනයට එම මුදල් ආයෝජනය වෙනවද යන්න ගැටළු සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
අද (27) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව පැවසුවේ ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ,
"ඉතින් අපි දකිනවා මේ ඉලක්කම් නම් කියනවා. හැබැයි ඉතින් ගරු සභාපතිතුමිය ප්රශ්නය ප්‍රායෝගිකව මේ කියන මුදල් බිම ආයෝජනය වෙනවද නැද්ද කියන ප්රශ්නය තමයි තියෙන්නේ. මොකද ඔබතුමාලා හැම අයවැයකදීම නොම්බර කියනවා. හැබැයි ඉතින් යථාර්ථය තමයි මේ මුදල් ගමේ ආයෝජනය වෙනවද? ග්‍රාමීය සංවර්ධනයට මේ මුදල් ටික ආයෝජනය වෙනවද? ධීවර කර්මාන්තය සඳහා මේ මුදල් ආයෝජනය වෙනවද නැද්ද කියන කාරණය තමයි ප්‍රශ්න කරන්න තියෙන්නේ.
මම දැක්කා එක අමාත්‍යවරයෙක් කියනවා මේ විපක්ෂය වෙන් කරන මුදල් වලට චෝදනා කරනවාලු. නැහැ විපක්ෂයේ කවුරුත් මුදල් වෙන් කරාට බනින්නේ නැහැ. හැබැයි ඒ වෙන් කරන මුදල් බිම වැඩක් වෙන්නේ නැත්නම් අවුරුද්දේ අන්තිම වෙනකොට මාස හය හතක් යනකොට මුදල් කාරක සභාවට අපේ හර්ෂ ඩි සිල්වා මන්ත්‍රීතුමා ඉන්න මුදල් කාරක සභාවට එන ලියවිල්ලේ තියෙන්නේ 7% නම්, 8% නම්, 10% නම් ඒක ප්‍රශ්න කරනවා.
බිමල් රත්නායක අමාත්‍යවරයා කිව්වා මේ මේ 2022 තමයි මේ මෑත කාලයේ වැඩියෙන්ම ප්‍රාග්ධන වියදම් 88ක් ආයෝජනය කරලා තියෙන්නේ. එතුමා හිටපු ජනාධිපතිවරයාගේ නමත් කිව්වොත් හොඳයි. මොකද 2022 කියන්නේ අභියෝගාත්මක අවුරුද්දක්. හිටපු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත් එළවගෙන ඒ ඔක්කොමත් කරලා අවසානයේ අභියෝගාත්මක අවුරුද්දක ආර්ථික අර්බුදයකට මුහුණ දෙන ගමන් අරගල වලටත් මුහුණ දෙන ගමන් ප්‍රාග්ධන වියදම් වලින් 88ක් වැඩ කරලා. 2020ත් 88. 2020 ත් 88 වල වැඩ කරලා තියෙනවා. 2020ත්.
ඉතින් මේ ඔබ තමුන්නාන්සේලාට වැඩ කරගන්න බැරි එකට අනිත් මිනිස්සු පලි නැහැ. දැන් ඇවිල්ලා මෙතන කෙඳිරි ගානවා. අරක නැහැ කියනවා, මෙහේ යුද්ධ කියනවා. ඉතින් ඔබතුමාලා මෙහේ ගෙවල් ගිනි තියලා යුද්ධ කරද්දී 88ක් ප්‍රාග්ධන වියදම් වියදම් කරා ජනතාව වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ.
මේ ඔබ තමුන්නාන්සේලාගේ ඇමතිවරයෙක් කියන්නේ මම නෙමෙයි. ඒකයි සතුටු මට. හැබැයි අවසානයේ ඒක තේරුම් ගත්ත එක ලොකු දෙයක්. සභා නායකවරයා කියන්නේ ගරු සභාපතිතුමිය. දැන් ග්‍රාමීය සංවර්ධනයට බිලියන 35ක් පහුගිය අවුරුද්දේ වෙන් කරලා තියෙනවා 2026ට. ගරු සභාපතිතුමිය බිලියනයයි වියදම් කරලා තියෙන්නේ. බිලියනයයි. පහුගිය මාස 14ට මුදල් කාරක සභාවට දීපු වාර්තාවේ. බිලියනයයි. 3%යි. ඔබ තමුන්නාන්සේලා මේ රටේ ජනතාවට ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කරන්න, ගමේ මනුස්සයාගේ පාර, බෝක්කුව හදන්න, ස්වයං රැකියාවට ව්‍යවසායකත්වයට ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ වෙන් කරපු බිලියන 35න් බිලියනයයි වියදම් කරලා තියෙන්නේ. මාස හතකට. දැන් අදට දිත්වා කුණාටු ඇවිල්ලා අවුරුද්දක් වෙනවා. ආ පහුගිය කාලේ බිලියන 500ක් වෙන් කරගත්තා. 260ක් එහෙමම ඉතුරුයි. තවම පවුල් දහස් ගානක් තාවකාලික නිවාස වල. කඩන් ගිපු පාරවල්, බෝක්කු, පාලම් හදාගන්න බැරි වෙලා තියෙනවා. අවුරුද්දක් ගිහිල්ලා ගරු සභාපතිතුමිය. ඉතින් ඔබ තමුන් වහන්සේලා නිකන් මේ මේ මෙතන ඇවිල්ලා ඉලක්කම් පෙන්නලා සතුටු කරගන්න ඒ ඔයාලගේ දේශපාලන න්‍යාය පත්‍රය ඇතුලේ ඉලක්කම් පෙන්නලා සතුටු කරගන්න පුළුවන්. දැන් ග්‍රාමීය සංවර්ධනයක් රටේ නැත්නම් ජාතික ආර්ථිකයක් ගොඩනගන්න බැහැ. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ.
අද එක පැත්තකින් මේ මේ ආණ්ඩුව හිතන් ඇති මේ රජයේ සේවකයෝ පෞද්ගලික අංශයේ අය මේ පඩි වැඩි කිරීමක් ඉල්ලන්නේ ට්‍රිප් යන්න කියලා නෙවෙයි. තුන් වේල කන්න විදිහක් නැහැ. බඩගින්නට සල්ලි ඉල්ලන්නේ. පඩි ඉල්ලන්නේ බඩගින්නට.
අද ආණ්ඩුව අපොහොසත් වෙලා තියෙනවා ධීවරයා ආරක්ෂා කරන්න. ආණ්ඩුව අපොහොසත් වෙලා තියෙනවා ගොවියා ආරක්ෂා කරන්න. ඉතිහාසයේ පළවෙනි වතාවට කෘෂිකර්ම ඇමතිවරයෙක් ඉන්නවා මේ කුඹුරු වලින් ඈත් වෙන්න කියන. තුනෙන් එකක් වී වගාව අයින් කරනවාලු. මේ රටේ කෘෂිකර්ම ඇමති කියන්නේ. ඒ කියන්නේ පිටින් ඇල්ලා කන්න දෙනවා කියලා න්‍යාය පත්‍රය. ඒ හින්දානේ පාරිභෝගික ඇමතිවරයා කියන්නේ ඉන්දියාවට එල්නිනෝ හින්දා ලංකාවේ එළවළු මිල වැඩි වෙලා කියලා. ලංකාවේ වෙන එකක්. ඉන්දියාවට බලපාන්නේ නැහැ ලංකාවේ ගොවියා ශක්තිමත් කරා නම්. දැන් ඉතින් බලන් ඉන්න ඕනේ වෙන රටකට වහිනකම් පායනකම් අපිට කන්න. ඒ තැනට මේ රටේ ග්‍රාමීය ආර්ථිකය කඩන් වැටිලා තියෙනවා.
අද රැකියා අහිමි වෙනවා. ආයෝජකයෝ අයින් වෙනවා. ආයෝජකයෝ හැරිලා යනවා. රටේ ග්‍රාමීය ආර්ථිකයේ දැවැන්ත අර්බුදයකට මුහුණ පාලා තියෙන වෙලාවේ. එක පැත්තකින් රාජ්‍ය සේවකයෝ වෘත්තීය අරගලයකට ඇවිල්ලා තියෙනවද? මේ ඔබ තමුන් වහන්සේලාගේ එකට සහෝදරයා කියන් හිටපු අය. ආ අපිට ගහන්න ආවේ ඔයාලා ඒ කට්ටිය එක්ක තමයි. ආ ඊයේ ජනාධිපතිවරයා ගරු සභාපතිතුමිය බොහොම අමාරුවෙන් එතුමාම කියනවා මේ හදීසියේ අපි දවස් කීපයක එකතු කරලා අපේ වෘත්තීය සමිති පක්ෂයේ වෘත්තීය සමිති අය ගෙන්නුවාලු. සාකච්ඡාවකට. මේ අර රැස්වීමේ කියන්නේ. මෙන්න අත්සන් ලේඛනය.
දැන් අර ආනන්ද පාලිත මහත්තයාව හිරේ දාලා තියෙනවා මේ වෘත්තීය සමිති ව්‍යාපාර වලට වැඩ කරන්නේ නැතුව ගියා කියලා. ආයතනයේ අත්සන් කරලා රැස්වීමට ජනාධිපතිවරයාගේ රැස්වීමට ඇවිල්ලා ඒකේ හොඳම දේ එක්කෙනෙක් 6.30ට ඩියුටි ඕෆ් වුණා කියලා අත්සන් කරලා තියෙනවා. 6.30ට. සෙල්ෆි ගහලා දැන් ඔබ තමුන් වහන්සේලා ආනන්ද පාලිත මහත්තයා වෘත්තීය සමිති නායකයා ඇතුලට දාලා තියෙනවා. වෘත්තීය සමිති ගියා රස්සාවට යන්නේ නැහැ කියලා. දැන් ජනාධිපතිතුමාගේ රැස්වීමට ගෙනල්ලා තියෙන්නේ අත්සන ගහලා. සේවයට වාර්තා කරලා. ආ ඉතින් දැන් ඉතින් අහන්න තියෙන්නේ ආනන්ද පාලිත මහත්තයාට ක්‍රියාත්මක කරපු නීතිය ඔය ආපු කීප දෙනාටත් ක්‍රියාත්මක වෙනවද කියන ප්රශ්නය තමයි. ගරු සභාපතිතුමිය.
අනිත් පැත්තෙන් අද ඔබ තමුන් වහන්සේලාට මේ රටේ ජනතාවගේ ආර්ථික ප්‍රශ්නයට බඩගින්නට උත්තරයක් දෙන සැලැස්මක් නැහැ. අස්වැසුම කප්පාදු කරනවා. සමෘද්ධිය කප්පාදු කරා. සංවර්ධන නිලධාරියාට පහර දෙනවා. ග්‍රාම සේවකට අසාධාරණයක් කරනවා. වෛද්‍යවරු, නීතිඥවරු, ඉංජිනේරුවන්ගෙන් ඉඳන් අද වෘත්තීය අරගලයකට බැහැලා ඉන්නවා. ව්‍යවසායකයා අසරණ වෙලා. මෙහෙන් අස්වැසුම කප්පාදු කරනවා. මහ බැංකු අධිපතිවරයා කියනවා උද්ධමනය 9%යි කියලා මේ මාසේ. දැන් අස්වැසුම කපන්න ඕනේ නම් ආර්ථිකය වර්ධනය වෙලා තියෙන්න එපැයි. ආර්ථිකය කඩන් වැටිලා තියෙනවා කියලා, ජීවන වියදම වැඩි වෙලා තියෙනවා කියලා මහ බැංකු අධිපතිවරයා කියනකොටම ආණ්ඩුව කියනවා අස්වැසුම කපනවා ආර්ථිකය වර්ධනය වෙලාලු. දැන් ඔය දෙන්නගෙන් කවුද ඇත්ත කියන්නේ? ඔය දෙන්නගෙන් කවුද ඇත්ත කියන්නේ? ගරු සභාපතිතුමිය.
දැන් ධීවර ඇමතිතුමා පහුගිය කාලේ ගියා හම්බන්තොට අම්බලන්ගොඩ. ධීවර වරායට. අනේ ඇමතිතුමා පොඩ්ඩක් වරායවල් ටිකට යන්න. මේ අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා. ගියාම තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. ඔය තාම ධීවරයෝ බහින්න පටන් ගත්තේ නැහැ. ඔබතුමා මේ කිලිනොච්චියේ, මුලතිව් වල, යාපනයේ එල්ටීටීඊ එක සමරන උත්සව වලට යන වෙලාව වගේම ධීවරයෝ හම්බවෙන්න යන්නත් දාගන්න. අද තෙල් ප්රශ්නය ධීවරයට ලොකු ප්‍රශ්නයක්. අද ඔබ තමුන් නාන්සේලා අපොහොසත් වෙලා තියෙනවා ඒකට උත්තරයක් දෙන්න.
අනිත් පැත්තෙන් මේ ධීවර අමාත්‍යාංශයේ ප්‍රාග්ධන වියදම් ගැන කතා කරනවා. ආ ධීවර අමාත්‍යාංශයේ ප්‍රාග්ධන වියදම් ගිය අවුරුද්දට සාපේක්ෂව 20%ක් කප්පාදු කරලා. ධීවර අමාත්‍යාංශයේ ගිය අවුරුද්දේ වෙන් වෙච්ච මුදල් වලින් 53%යි ධීවරයා වෙනුවෙන් ආයෝජනය කරන්න පුළුවන් වුණේ. මේ අවුරුද්දේ පළවෙනි මාස හතට ගරු සභාපතිතුමිය. රුපියල් බිලියන නමයක් ප්‍රාග්ධන වියදම් විදිහට වෙන් කරලා තියෙද්දී බිලියන 1.9යි වියදම් කරලා තියෙන්නේ. බිලියන 1.9යි පහුගිය මාස හතරට වියදම් කරලා තියෙන්නේ. ධීවර ක්ෂේත්රයේ පවුල් මිලියන 2.7ක් ජීවත් වෙනවා. සම්පූර්ණ ජනගහනයෙන් 18%ක් ධීවර ක්ෂේත්රය තුළ ජීවත් වෙන පවුල් රටේ ජීවත් වෙන්නේ. එහෙම තියෙද්දිත් අඩු ගානේ වෙන් කරපු මුදල් ටික වියදම් කරන්නෙත් නැහැ. මේ අවුරුද්දේ ප්‍රාග්ධන වියදම් වලින් 20%ක් කප්පාදු කරලා තියෙනවා.
දැන් ඇමතිවරු ඔබ තමුන් වහන්සේලා ඇප් එකක් දෙනවා කිව්වනේ. දැන් මට පේන්නේ ගරු සභාපතිතුමිය ඇප් එක දීලා තියෙන්නේ මාළුන්ට. මොකද මේ අවුරුද්දේ මේ පහුගිය කාල සීමාව තුළ මත්ස්‍ය නිෂ්පාදනය 20%කින් 27%කින් අඩු වෙලා. සමස්තයක් විදිහට 27%කින්. ගැඹුරු මුහුදේ මත්ස්‍ය නිෂ්පාදනය මත්ස්‍ය ඇල්ලීම 20%ක් අඩු වෙලා තියෙනවා. 20%ක්. නොගැඹුරු මුහුදේ 17%යි.
දැන් අපේ ඇමතිතුමා මිරිදිය කර්මාන්තය ගැන කිව්වනේ පෝෂණය ගැන කියලා. 80%කින් මිරිදිය ධීවර කර්මාන්තය කඩන් වැටිලා තියෙනවා. 80%ක්. නිෂ්පාදනය අඩු වෙලා තියෙනවා. මිරිදිය ධීවර කර්මාන්තයේ නිෂ්පාදනය අඩු වීමේ වගකීම සම්පූර්ණයෙන් රජය බාර ගන්න ඕනේ. සම්පූර්ණයෙන් රජය බාර ගන්න ඕනේ. වෙලාවට මාළු පැටව් ටික දාන්න. අවශ්‍ය ප්‍රතිපත්තිමය කාරණා ගන්න. දැල් ආම්පන්න ටික ලබා දෙන්න. පළාත් සභාව සහ මධ්‍යම ආණ්ඩුවේ වගකීම තියෙන්නේ. ආ මහා ඇමතිවරු නම දෙනාම ඔබ තමුන් වහන්සේලාගේ ආණ්ඩුවේ. ආණ්ඩුකාරවරු. ආණ්ඩුකාරවරු පත් කරලා තියෙන්නේ වැඩ කරන්න. හැබැයි අද ඔබ තමුන් වහන්සේලා පත් කරපු ආණ්ඩුකාරවරු මිරිදිය ධීවර කර්මාන්තයට අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවාද? නැත්නම් 80%කින් මේක අඩු වෙන්නේ කොහොමද? 80%කින් මේක අඩු වෙන්න විදිහක් නැහැ ගරු සභාපතිතුමිය. හැබැයි අද අඩු වෙලා තියෙනවා. ඒ වගේම තමයි මධ්‍යම ආණ්ඩුවට වගකීමක් තියෙනවා. එක පැත්තකින් මිරිදිය ධීවර කර්මාන්තය කඩන් වැටෙනවා. කවුද මේකට වග කියන්නේ? ඉතින් ඒ හින්දා ඔබ තමුන් වහන්සේලාට මේ ලියකියවිලි හදලා ලොකුවට පෙන්නන්න පුළුවන්. හැබැයි ඉතින් ලොකුවට මොනවා පෙන්නුවත් ගරු සභාපතිතුමිය අවසානයේ පැහැදිලිව මේ රටේ ධීවර කර්මාන්තය කඩන් වැටීමකට ලක් වෙලා තියෙන බවක් පේනවා. ඒක පැහැදිලිව පේනවා මේ රටේ ආර්ථික වර්ධනය කඩන් වැටීම සම්බන්ධයෙන්. කෘෂි කර්මාන්තයයි, ධීවර කර්මාන්තයයි කඩා වැටීම තුළ අපි තේරුම් ගත යුතු කාරණය ඒක තමයි ගරු සභාපතිතුමිය.
එක පැත්තකින් මේ රටේ ගොවියා, ධීවරයා අසරණ වෙනවා. ධීවරයා අසරණ වෙනවා විතර පමණක් නෙමෙයි, ඒක සෘජුවම අපේ රටේ ආර්ථික වර්ධන වේගයට බලපානවා. ලංකාවට ගෙනෙන මත්ස්‍ය ප්‍රමාණය වැඩි වෙනවා. අවසානයේ දැන් පහුගිය කාලේ උම්බලකඩ වලටත් බද්ද අයින් කරන්න ගියානේ. දැන් මිල අඩු වුණාද? හාල් මැස්සන්ට අඩු කරානේ. මිල අඩු වුණාද? මිරිස් වලට අඩු කරානේ. මිල අඩු වුණාද? අද මිරිස් හොයන්නත් නැහැ ගරු සභාපතිතුමිය. හොයන්නත් නැහැ. හැබැයි ඔබ තමුන් වහන්සේලාගේ ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් ආශ්‍රය කරලා හිතවත්තු කීප දෙනෙක් ළං කරගෙන ඒ අයට ඕන විදිහට රටේ ආර්ථික ප්‍රතිපත්තිය හසුරුවන්න ගියාම අවසානයේදී වෙන්නේ ඔය කාරණය තමයි. දැන් පන්නපු කන්ටේනර් ගැන අපි කතා කරන්න යන්නේ නැහැ. අර හැකර් කෙනෙක් ඇවිල්ලා ඩොලර් මිලියන 2.5ක් කොහෙන් හරි යවලත් ඇරන් ගියානේ. හැබැයි ඉතින් ඔබ තමුන් වහන්සේලාට වගකීමක් තියෙනවා ගරු සභාපතිතුමිය. ආණ්ඩුවක් විදිහට. ධීවර ඇමතිවරයාට වගකීමක් තියෙනවා. මේ රටේ වරායවල් වලට යන්න. ධීවරයන්ගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දෙන්න අඩු ගානේ. ඇහුම්කන් දෙන්න. සමහර ඇමතිවරු තමන් ඡන්දය අරගෙන ආපු ගමේ වරායටවත් ගිහිල්ලා නැහැ. ගමේ වරායටවත්. ඒ හින්දා කරුණා කරලා ධීවරයාට ඇහුම්කන් දෙන්න. ඒ වගේම තමයි මේ රටේ ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. ඒ සඳහා මැදිහත් වෙන්න. නිකන් අයවැය ලේඛනයේ මුදල් වෙන් කරලා ආ මෙතන ඇවිල්ලා අපි දැන් විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. අවුරුද්දේ අන්තිමට කියනවා අපි හොරකම් වංචා නවත්තලා විශාල ප්‍රමාණයක් ඉතුරු කරා කියලා බෝක්කුවක්වත් හදලා නැහැ. හැබැයි බෝක්කුවක්වත් හදපු නැති තමන්ගේ නොහැකියාව නොහැකියාව ඔබ තමුන් වහන්සේලා පෙන්නන්න හදන්නේ ඉතිරියක් විදිහට. ආ කෝටි 5000යි ගල් අඟුරු වලින් හොරකම. එතකොට ඒවා ගැන කතා කරන්නේ නැහැ. මිලියන 2.5යි හැකර්ගේ හොරකම.
ඉතින් ඒ හින්දා ගරු සභාපතිතුමිය කරුණා කරලා අපි ඉල්ලන්නේ ආණ්ඩුවෙන් මේ රටේ ධීවර ක්ෂේත්රය වෙනුවෙන් මැදිහත් වෙන්න. දැන් ඉන්දියානු ධීවර ප්රශ්නය පිළිබඳව දැන් නාවික හමුදාව දාලා අල්ලනවා. ඒක ඇල්ලෙනවා, යනවා, එනවා. හැබැයි ඉතින් උතුරේ ධීවරයා තමයි ඒකේ දුක් විඳින්නේ. ඒකට රාජ්‍යතාන්ත්‍රිකව මැදිහත් වෙන්න ඕනේ ඉන්දියන් මධ්‍යම ආණ්ඩුවත් එක්ක. ඒක ඇමතිවරයා සහ ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ. ඒක මේ පාර්ලිමේන්තුවේ කියලා හරියන්නේ නැහැ.ඒ නිසා ඒ සඳහාත් මැදිහත් වෙන්න. කරුණා කරලා මේ ඊළඟ අවුරුද්දෙවත් මේ ඊළඟ අවුරුද්දෙවත් මේ ධීවර ක්ෂේත්රය වෙනුවෙන් ප්‍රාග්ධන වියදම් වලට වෙන් කරපු බිලියන නමයෙන් අඩුම ගානේ බිලියන තුන හතරක් බිලියන හතෙන් අඩුම ගානේ බිලියන තුන හතරක්වත් වියදම් කරන්න උත්සාහ කරලා කියලා උත්සාහ කරන්න කියලා ඉල්ලීමක් කරනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිස්ත්‍රික්ක 23කට බලපැවැත්වෙන පරිදි ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව (SAWM-SL) විසින් සංවිධානය කරන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් ප්රචණ්ඩත්වය පිටු දැකීමේ දින 16ක ක්‍රියාකාරීත්වය අද (25) සිට ආරම්භ කර තිබේ.
2025 අයවැය මඟින් කප්පාදු කළ වැටුප්, අතිකාල දීමනා සහ අනෙකුත් දීමනා යළි ලබාදෙන ලෙස ඉල්ලමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් හෙට (25) දිනයේදී යළි සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.