පාස්කු ප්‍රහාරය: අගෝස්තු 30ට පෙර වන්දි ගෙවා අවසන් කරන්න: මෛත්‍රීට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට අදාළව වන්දි ගෙවීමට නියම වී සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන , හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ගෙවීමට නියමිතව ඇති වන්දි මුදල් අගෝස්තු 30 වැනිදාට පෙර ගෙවා අවසන් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජුලි 15 වැනිදා) නියෝග කළේය.