එයාර්බස් නඩුව : නාමල් ඔක්තෝබර් 13 තෙක් රිමාන්ඩ්
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එයාර්බස් නඩුවට අදාළව ඔක්තෝබර් 13 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල ගණන් අනුව ඉදිරි මාස 3 සඳහා රජය විසින් ඉන්ධන සහනාධාරයක් ලබා දීමට පියවර ගත් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඉහළ යන මිල ගණන් හමුවේ තවත් රුපියල් බිලියන 41ක සහනාධාරයක් භාණ්ඩාගාරයෙන් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවය.
"ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග තමයි මෙම තීන්දුව ගත්තේ. තවත් බිලියන 41ක් මේ වෙනුවෙන් ලබා දිය යුතුයි කියලා භාණ්ඩාගාරයෙන්. මේ මොහොතෙදි ලබා දිය හැකි සහනය තමයි භාණ්ඩාගාරයෙන් ලබා දීලා තියෙන්නේ. මාසේ අන්තිමට එක් එක් ඉන්ධන මිල සඳහා ගණනය කළාම එයින් රජය මගින් දරාගන්න කොටස ලබා දෙනවා. ඊට අමතරව තව කොහොමද කළමනාකරණය කරන්නේ කොහොමද කියලා ඒ අනුව තමයි තීන්දු කරන්නේ. නමුත් මේ සහනය මාස තුන සඳහා ලබා දෙනවා. භාණ්ඩාගාරය වෙන් කරලා තියන විදිහට පෙට්රල්වලට ලබා දෙන්නේ නෑ ඩීසල්වලට විතරයි ලබා දෙන්නේ.
රටේ ජනතාව මත එලෙස බර පටවන්නේ නැතිව උපරිම රජය වැඩි කොටසක් දරාගෙන ඒක කළමනාකරණය කරගන්න උත්සාහ ගන්නේ. තෙල් මිල වැඩිවුණාම ඒ මත පදනම් වෙලා භාණ්ඩ හා සේවා මිල ඉහළ යනවා. සමහරවිට තෙල් මිලේ අඩුවීමක් අපි මාසේ අන්තිමට හරි මාසය මැද කළත් අර ඉහළ ගිය භාණ්ඩ හා සේවා මිල එලෙසම අඩු වෙන්නේ නැති තත්ත්වයකුත් තියෙනවා. මේ සියල්ල ගැන හිතලා භාණ්ඩාගාරයේ තිබෙන කොටසක් තමයි වෙන් කරන්නේ. තෙල් ආනයනයේ ප්‍රශ්නයක් නෑ. තෙල් සංස්ථාවත් විවිධ සමාගමුත් තෙල් ගෙනත් තියෙනවා තෙල් පෝලීම් ඇතිවීමේ කිසිදු අවශ්‍යතාවක් නෑ
තෙල් මිල වැඩිවෙන නිසානේ සහනය ලබා දෙන්නේ. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩි වුණේ නැත්නම් සහනයක් දෙන්න අවශ්‍යතාවක් නෑ. ලෝක වෙළෙඳපොලේ තෙල් මිල වැඩිවීමත් එක්ක පහුගිය කාලේදි ඒ අනුව ගණනය කළාම තෙල් මිල වැඩි කළ යුතුයි. ඒ වෙනුවෙන් ලබා දෙන සහනයක් තමයි මේ ලබා දීලා තියෙන්නේ. එතැනින් එහාට කොහොමද මේක කරන්නේ කියලා තෙල් සංස්ථාව ගණනය කරලා ඒක කියයි. මේ මාස 6 සඳහා තෙල්වලට විතරක් බිලියන 100කට වැඩි මුදලක් භාණ්ඩාගාරය ලබා දීලා තියෙනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එයාර්බස් නඩුවට අදාළව ඔක්තෝබර් 13 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මහනුවර නගරයේ පැරණි බන්ධනාගාරය ඉදිරිපිට පිහිටි පදික වේදිකාවේ කොටසක් අද (29) පෙරවරුවේ හදිසියේ ගිලා බැසීමෙන් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.
රත්නපුර උඩවලව ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (29) ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.