මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන 1600 ඉක්මවයි
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැතිරයන ලැව්ගිනි නිසා මේ වනවිට පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
පවතින තද සුළං හේතුවෙන් ගින්න තවත් වේගයෙන් පැතිර යන බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මේ වනවිට ලොස් ඇන්ජලීස් හි පැලිසේඩ්ස්, ඊටන්, කෙනත්, හර්ස්ට් සහ ලිඩියා ප්‍රදේශවල ලැව්ගිනි ගැනීම් පහක් සක්‍රිය තත්ත්වයේ පවතින බව වාර්තා වේ.
පවතින තත්ත්වය හමුවේ පුද්ගලයින් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කරඇත.
පැලිසේඩ්ස් හි ගොඩනැගිලි 5,300කට වඩා විනාශ වී ඇති අතර, ඊටන් හි ගොඩනැගිලි 4,000ත් 5,000ත් අතර ප්‍රමාණයක් විනාශ වී තිබේ.
මේ වනවිට මෙම ළැව් ගිනි පාලනය සඳහා ගිනි නිවන භටයන් 5000ක් පමණ යොදවා ඇති අතර, ගින්නෙන් අක්කර 35,000කට ආසන්න ප්‍රමාණයක් ගිනි ගෙන විනාශ වී අවසන්ය.
ගින්න පාලනය කරන කාර්ය මණ්ඩල, ජලය නොමැතිව අසීරුතාවට පත්ව ඇති අතර ඔවුන් පරාජිත සටනක නිරත බියකින් පසුවන බවත් වාර්තා වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අමෙරිකාව, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ.
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ.