ජයග්‍රහණයේ අයිතිය සියලු ලාංකිකයන්ට උරුමයි - ජනපතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න (වීඩියෝ)
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතමින් අද (25) පැවසීය. මෙම ක්‍රියාවලිය සඳහා මෙරට ජනතාවගේ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ලබාගත හැකි බවට විශ්වාස කරන බව ද අනුර දිසානායක කීය. ලැබූ ජයග්‍රහණයේ අයිතිය සමස්ත පුරවැසියන්ටම පිරිනමන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.