අයහපත් කාලගුණයෙන් 6ක් මරුට : අයෙක් අතුරුදන්
සබරගමුව පළාතට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට බලපා ඇති අධික වර්ෂාව සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් එක් අයෙකු අතුරුදන්ව සිටින බව පොලිසිය පවසයි.
වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 13, 416ක් සහ ඩෙංගු මරණ 4ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.
එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් ද ඩෙංගු රෝගීන් වාර්තා වන බව යි.
සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දින 2කට වඩා උණ පවතින්නේ නම් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයක් හමුවන ලෙසය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සබරගමුව පළාතට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට බලපා ඇති අධික වර්ෂාව සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් එක් අයෙකු අතුරුදන්ව සිටින බව පොලිසිය පවසයි.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර තිබූ නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.