පන්නිපිටිය ආසන්නයේ මාරක අනතුරක් - අයෙක් මරුට
Update : 2.25 PM හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය ප්රදේශයේ සිදුවූ රිය අනතුරින් තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ අනුව මෙම රිය අනතුරින් මේ වන විට දෙදෙනෙකු මියගොස් තවත් හත්දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ. තුවාල ලැබූවන් හෝමාගම සහ කළුබෝවිල රෝහල්වල ප්රතිකාර ලබන අතර බස් රථයේ රියදුරුගේ තත්ත්වය බරපතළ බවටයි රෝහල් වාර්තා සඳහන් කරන්නේ.