අයහපත් කාලගුණයෙන් 6ක් මරුට : අයෙක් අතුරුදන්
සබරගමුව පළාතට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට බලපා ඇති අධික වර්ෂාව සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් එක් අයෙකු අතුරුදන්ව සිටින බව පොලිසිය පවසයි.
මැදපෙරදිග කලාපයේ සියලුම රටවල ගුවන් අවකාශයන් වසා දමා තිබීම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළේ සිට මැදපෙරදිග බලා පිටත්ව යාමට නියමිත ගුවන් ගමන් සියල්ල අද (01) පස්වරු 05.00 දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.
අද උදෑසන 06.15 වනවිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් ගමන් 18ක් සහ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ගුවන් ගමන් 25ක් මෙලෙස අවලංගු කර ඇති බව කටුනායක ගුවන් තොටුපොළ කාර්ය බාර නිලධාරීවරයා පැවසුවේය.
එමෙන්ම ඊයේ (28) කටුනායක ගුවන් තොටුපොළෙන් මැදපෙරදිග බලා පිටත්ව ගිය ෆිට්ස් එයාර් සහ එයාර් ඇරේබියා ගුවන් යානා 02ක් ද ආපසු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මේ අතර අවසාන ගමනාන්තය මැදපෙරදිග හෝ මැදපෙරදිග හරහා වෙනත් ගමනාන්තයන් වෙත ගමන් කිරීමට සැලසුම් කර ඇති ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට පෙර තම ගුවන් සේවා නියෝජිතයන් ඇමතීම, ඔවුන්ගේ විද්‍යුත් තැපැල් ලිපි සහ කෙටි පණිවිඩ වෙත සිය අවධානය යොමු කිරීම සිදු කරන ලෙසත්, නැතිනම් www.airport.lk යන කටුනායක ගුවන් තොටුපොළ වෙබ් අඩවිය වෙත පිවිස ගුවන් ගමන් විස්තර පිළිබද යාවත්කාලීන වන ලෙසත් කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ඉල්ලීමක් කර තිබේ.
එමෙන්ම පවතින මෙම තත්වය යටතේ ශ්‍රී ලංකාවෙන් බැහැර වී යාමට නොහැකි වී ඇති විදේශීය ගුවන් මගීන් සඳහා මෙරට රැදී සිටීමට තවත් දින 07ක වීසා සහන කාලයක් ආගමන විගමන පාළක ජනරාල්වරයා විසින් ලබා දී ඇත.
කෙසේවෙතත් ඕස්ට්‍රේලියාව, චීනය, මැලේසියාව, ඉන්දුනීසියාව, ඉන්දියාව, තායිලන්තය, ප්‍රංශය, එංගලන්තය සහ ජර්මනිය බලා පිටත්ව යන සහ එම රටවල සිට පැමිණෙන ගුවන් යානා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ද කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කළේය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සබරගමුව පළාතට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට බලපා ඇති අධික වර්ෂාව සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් එක් අයෙකු අතුරුදන්ව සිටින බව පොලිසිය පවසයි.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර තිබූ නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.