පුවත්

පුංචි ඡන්දය මැයි 06

පුංචි ඡන්දය මැයි 06

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම එළැඹෙන මැයි 06 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කර තිබේ.

වාහන ආනයන රෙගුලාසි සංශෝධනය කරමින් ගැසට්ටුවක්

සියලුම රටවලින් ආනයනය කරන ලද වාහන සඳහා බියුරෝ වෙරිටාස් පරීක්ෂණ සහතිකවලට අවසර දීම ඇතුළුව බහුවිධ ආනයන හා අපනයන රෙගුලාසි සංශෝධනය සහිත අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

Read More

දේශබන්දු සංවිධානාත්මක අපරාධකරුවන්ට වඩා භයානක තැනැත්තෙක් - නීතිපති දෙපාර්තමේන්තුව

2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (මාර්තු 20 වැනිදා) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

මහින්දගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට

තමන්ට ලබාදී තිබූ ආරක්ෂිත සංචිතය නිලධාරීන් 60 දෙනෙකු දක්වා අඩු කිරීමට වත්මන් රජය ගෙන තිබූ තීරණයේ අභියෝගයට ලක්කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (19) විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළේය.

Read More

භාරවූ දේශබන්දු ගැන මහජන ආරක්ෂක ඇමති ගෙන් විශේෂ ප්‍රකාශයක්

අධිකරණයට භාරවූ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ දින කිහිපයක සිටම රටේ විශේෂ අවධානයක් යොමු කරමින් සැඟව සිටි දේශබන්දු තෙන්නකෝන් මාතර අධිකරණයට භාරවී ඇති බවය.

Read More

මන්ත්‍රී අර්ච්චුනාට දින 8ක වාරණයක්

අර්ච්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිදුකරන ප්‍රකාශ සජීවී ලෙස ශ්‍රව්‍ය, දෘශ්‍ය හා සමාජ මාධ්‍යවල සජීවී විකාශ කිරීම තාවකාලිකව අත්හිටුවන බව කථානායකවරයා අද (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

සැඟවී සිටි දේශබන්දු අධිකරණය හමුවට

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.

Read More

දේශබන්දුගේ නිවසේ විදෙස් මත්පැන් බෝතල් ගබඩාවක්

අධිකරණ නියෝගයක් මත ධූරයේ වැඩඅත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ අතුරුගිරිය – හෝකන්දර නිවෙසේ තිබී විදෙස් මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පවසනවා.

Read More

'ගෝඨාභය කළ වරදක්' නිසා වින්දිත කාන්තාවකට වන්දි ගෙවීමට වත්මන් ආණ්ඩුවට සිදුවෙයි

2020 වසරේ හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන විමර්ශනය කිරීම සඳහා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරනු ලැබූ රැඳවුම් නියෝගය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අඟහරුවාදා (මාර්තු 18) තීන්දු කළේ ය.

Read More