ජනාධිපති මන්දිරවල පිටස්තරයන් නවාතැන් ගෙන නැහැ – ජනාධිපති මාධ්‍ය අංශය
ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට මාධ්‍යවල පළව ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බව ජනාධිපති මාධ්‍යඅංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි වාර්ෂික ඇසළ මහ පෙරහැරේ, ජූලි 28 පැවැත්වෙන පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලිඛිත නිර්දේශයක් යොමු කර තිබේ.
එම නිර්දේශයට අනුව, මාතර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් දෙවිනුවර බස්නායක නිලමේ තිළිණ මධුසංක අබේරත්න වෙත මේ බව දැනුම් දී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
ජාතික බුද්ධි ප්‍රධානී, රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් විශේෂ කාර්යාංශය සහ දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලබාදුන් බුද්ධි තක්සේරු වාර්තා සැලකිල්ලට ගනිමින් පොලිස්පතිවරයා මෙම නිර්දේශය සිදුකර තිබේ.
බුද්ධි වාර්තාවලට අනුව, කාවඩි කණ්ඩායම් තෝරා ගැනීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අතර මතභේදයක් මතුව ඇති අතර, ඇතැම් පාර්ශ්වවලින් බරපතළ තර්ජන ද එල්ල වී ඇති බව සඳහන්.
මෙහි ප්‍රතිඵලයක් ලෙස දෙවිනුවර බස්නායක නිලමේ තිළිණ මධුසංක අබේරත්නට විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගෙන් මරණ තර්ජන පවා එල්ල වී තිබුණි.
ජූලි 28 වනදා පැවැත්වෙන පෙරහැර නැරඹීමට විශාල ජනතාවක් සහභාගී වීමට අපේක්ෂා කරන බැවින්, මහජන ආරක්ෂාවට ඇති විය හැකි අවදානම් අවම කිරීමේ අරමුණින් පොලිස්පතිවරයා මෙම නිර්දේශය යෝජනා කර ඇති බව පොලිසිය පවසයි.
dasatha lanka news
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට මාධ්‍යවල පළව ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බව ජනාධිපති මාධ්‍යඅංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඇප මුදල් හෝ අධිකරණයෙන් නියම කළ දඩ මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් රැඳවියන් 3,371 දෙනෙකු වසර ගණනාවක් තිස්සේ බන්ධනාගාරවල රඳවා සිටින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
ජනාධිපතිවරයා විසින් භාවිතයට නොගත් ජනාධිපති මන්දිරවල පසුගිය වසර තුළ පුද්ගලයින් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලයේ නවතම විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.