මැලේසියා අන්තර්ජාතික සිනමා උළෙලේ ‘හොඳම නළුවාට’ හිමි ජගත් සම්මානයෙන් පිදුම් ලැබීමට, ශ්‍රී ලංකාවේ ප්‍රවීන රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සමත් විය.

ඒ රිවස්ටර්න් (Riverstone) චිත්‍රපටයේ සාජන්ට් උදයසිරිගේ චරිතය උදෙසාය.

එම උළෙලේදිම හොදම සහය නළුවාට හිමි සම්මානය දිනා ගත්තේද රිවස්ටන් චිත්‍රපටයේ රගපැ ප්‍රියන්ත සිරිකුමාර විසිනි.

හොඳම නළුවා සම්මානය සඳහා බ්‍රෝකන් වොයිසස් චිත්‍රපටිය වෙනුවෙන් යුරායි ලෝයි, ලකි ලූ චිත්‍රපටිය වෙනුවෙන් චන්ග් චෙන්, රිවර්ස්ටන් චිත්‍රපටිය වෙනුවෙන් රන්දික ගුණතිලක සහ ද රෙඩ් හැන්ගර් චිත්‍රපටිය වෙනුවෙන් නිකලාස් සරාතේ යන අය නිර්දේශව සිටියහ.

මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තරය තුළ සම්මානනීය වූ දෙවන අවස්ථාව මෙයවීමත් විශේෂත්වයකි.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.