පුවත්

ඩෙංගු මදුරු මර්දනයට දින 3ක් නම් කරයි

ඩෙංගු මදුරු මර්දනයට දින 3ක් නම් කරයි

ඩෙංගු මදුරු මර්දනයට විශේෂ වැඩසටහනක් ජුනි 08, 09 සහ 10 යන දිනවල දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය නිලධාරි කොට්ඨාස 74ක් ආවරණය කරමින් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ගින්නෙන් මියගිය ගණන 13 දක්වා ඉහළට

හොරණ අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ "සෙනෙහසේ කැදැල්ල" නම් වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ හටගත් ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයෙකු මිය ගොස් තිබේ.

Read More

ප්‍රමිතියෙන් තොර වැඩිහිටි නිවාස සහ සුරැකුම් මධ්‍යස්ථානවලට නීති දැඩිවෙයි

නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන ලෙස පවත්වාගෙන යන වැඩිහිටි නිවාස සහ සුරැකුම් මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ පවසයි.

Read More

ගිනිගත් රැඳවුම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රිමාන්ඩ්

හොරණ අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ "සෙනෙහසේ කැදැල්ල" නම් වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි අධ්‍යක්ෂවරයා ලබන 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

ගුරු­ව­රු 23,000ක් අලුතින් බඳවා ගන්නා බව අගමැතිනිය කියයි

රජයේ පාසල් පද්ධ­තිය තුළ පව­තින ගුරු පුර­ප්පාඩු සඳහා බඳවා ගැනීම් මේ වසර අව­සා­නයේ දී ආරම්භ කරන බව අග්‍රා­මාත්‍ය, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන හා වෘත්තීය අධ්‍යා­පන ඇමැති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය පවසයි.

Read More

හොරණ සෙනෙහසේ කැදැල්ල ගිනිබත් වීමෙන් 11ක් මරුට - තුනක් අතුරුදන්

හොරණ අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ "සෙනෙහසේ කැදැල්ල" නම් වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

Read More

ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකා අත්පන්දු, කැරම් සහ හොකී යන ජාතික ක්‍රීඩා සංගම්වල ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පියවර ගෙන තිබේ.

Read More

‘ප්‍රජා ශක්ති – ගම් දහසක වැඩ දහසක්’ වැඩසටහන අද ඇරඹෙයි

“ප්‍රජා ශක්ති” දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන “ගම් දහසක වැඩ දහසක්” ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි වැඩසටහන් රැසක් අද (02) ආරම්භ කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල පවසයි.

Read More

ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය නම් කෙරේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්කර තිබේ.

Read More

මීගොඩ අනතුරකින් 6ක් මරුට : රියදුරු බීමත්ව සිට ඇතිබව හෙළිවේ

මීගොඩ ප්‍රදේශයේ දන්සැලක පෝලිමක සිටි පිරිසක් දෙසට කැබ්රථයක් ධාවනය වීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 6දෙනෙකු මියගොස් තිබේ.

Read More

ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (29) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකා CERT ආයතනයෙන් විශේෂ අනතුරු ඇඟවීමක්

මාර්ග වල සවි කර ඇති CCTV කැමරා පද්ධති මඟින් රථවාහන වැරදි හඳුනාගෙන ඇති බව පවසමින්, ශ්‍රී ලංකා පොලීසිය ලෙස හැගෙන පරිදි ව්‍යාජ කෙටි පණිවුඩ (SMS) සහ වට්ස්ඇප් (WhatsApp) පණිවුඩ හරහා රියදුරන් මුලාකර මුදල් සහ පෞද්ගලික දත්ත වංචා කිරීමේ සයිබර් ජාවාරමක් පිළිබඳව ශ්‍රී ලංකා CERT ආයතනය මහජනතාව වෙත අනතුරු ඇඟවීමක් නිකුත් කර සිටී.

Read More