හොරණ අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ "සෙනෙහසේ කැදැල්ල" නම් වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි අධ්‍යක්ෂවරයා ලබන 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහු අද (04) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලැබී ඇත.

එම නිවාසයේ ඊයේ (03) රාත්‍රි හටගත් ගින්නෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූහ. 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.