හෙට ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණයක්
නැගෙනහිර පළාත, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා අත්පන්දු, කැරම් සහ හොකී යන ජාතික ක්‍රීඩා සංගම්වල ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පියවර ගෙන තිබේ.
1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්ති ප්‍රකාරව අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව, අංක 2489/48 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත.
මෙම පියවර ඔස්සේ එම සංගම්වල පාලනය, පරිපාලනය හා වෙනත් යම් අත්‍යවශ්‍ය කටයුතු යථායෝගී අයුරින් ඉටු කිරීම සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා “නිසි බලධාරියා” ලෙස පත් කර ඇති අතර මෙම පත් කිරීම 2026 මැයි මස 19 වැනි දින සිට ක්‍රියාත්මක වන බව සඳහන්.
මෙම පත් කිරීම 2026 මැයි 19 වැනි දින සිට ක්‍රියාත්මකයි.
ලියාපදිංචිය අත්හිටවූ සංගම්:
ශ්‍රී ලංකා අත්පන්දු සංගමය (Handball)
ශ්‍රී ලංකා කැරම් සංගමය (Carrom)
ශ්‍රී ලංකා හොකී සංගමය (Hockey)
මෙම තීරණය ගැනීමට ප්‍රධානතම හේතු වී ඇත්තේ අදාළ සංගම්වල ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය නිසි පරිදි සම්පූර්ණ කරගැනීම සහ විනිවිදභාවයෙන් යුත් නිලවරණයක් හරහා නව නිලධාරීන් පත් කර ගැනීමයි.
නව නිලධාරීන් තෝරා පත් කර ගන්නා තෙක් එම සංගම්වල සියලුම පරිපාලනමය කාර්යයන් සහ කළමනාකරණ කටයුතු මෙහෙයවීමේ පූර්ණ බලය ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත පවරා තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර පළාත, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පාලනය වන බෙන්තොට, කතරගම, මහියංගණය, ඇඹිලිපිටිය සහ අනුරාධපුර ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර සංචාරක ආයෝජන ව්‍යාපෘති සඳහා දීර්ඝකාලීන බදු පදනම මත සුදුසු ආයෝජකයන් වෙත ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ට වසර එක හමාරක සිරදඬුවමක් නියම කර තිබේ.