පුවත්

ජනපති මන්දිරවල පිටස්තරයෝ තුන්දහසකට වැඩිය නවාතැන් අරන්

ජනපති මන්දිරවල පිටස්තරයෝ තුන්දහසකට වැඩිය නවාතැන් අරන්

ජනාධිපතිවරයා විසින් භාවිතයට නොගත් ජනාධිපති මන්දිරවල පසුගිය වසර තුළ පුද්ගලයින් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලයේ නවතම විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

ලැව්ගිනි නිසා ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ 220,000කට අධික පිරිසක් ඉවත් කරයි

බෝර්දෝ ආසන්නයේ පුද්ගලයන් 60,000කට ආසන්න සංඛ්‍යාවක් ඉවත් කිරීමට ප්‍රංශ බලධාරීන් නියෝග කර ඇති අතර, ඒ අනුව, ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ ලැව්ගිනිවලින් පලා යන ලෙස දැනුම් දී ඇති මුළු සංඛ්‍යාව 220,000 කට වඩා අධික ය.

Read More

ඩෙංගු මරණ 61 දක්වා ඉහළට

වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වාර්තාවක් නිකුත් කරමින් නිවේදනය කරයි.

Read More

ජූලි 30, 31 කම්කරු දෙපාර්තමේන්තුවේ මහජන සේවා නවතියි

කම්කරු දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා ජූලි 30 සහ 31 යන දෙදින එහි මහජන සේවාවන් ක්‍රියාත්මක නොකරන බව කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට නව ආනයන බදු - අද සිට ක්‍රියාත්මකයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා නව ආනයන බදු පැනවීමට තීරණය කර ඇති අතර, එය අද (24) සිට බලපැවැත්වේ.

Read More

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහතට

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් අනුව අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහත හෙළීමට තීරණය කර තිබේ.

Read More

පැහැරගත් චීන ජාතිකයාගේ මළසිරුර ඇහැළියගොඩින් හමුවෙයි - රට පනින්න හැදූ චීන දෙන්නෙක් කොටුවෙයි

වරාය නගරයේදී චීන ජාතිකයින් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට සැකකෙරෙන තවත් චීන ජාතිකයෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩ කරඳන කැලෑබද ප්‍රදේශයක සඟවා තිබියදී සොයාගැනුණි.

Read More

ඉන්දීය විරෝධතාවලට මෝදි ගෙන් ප්‍රතිචාර : ගැටුම් තවදුරටත්

විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුවීම් පිටුපස සිටින අයට එරෙහිව නඩු පැවරීම සඳහා "කඩිනම් නඩු විභාග අධිකරණ" පිහිටුවන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා (23) ප්‍රකාශ කළේ ය.

Read More

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

මැද පෙරදිග කලාපයේ උද්ගතව ඇති ගැටුම්කාරී වාතාවරණය යටතේ "දැඩි අවධානයෙන් හා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස", ලෝකය පුරා සිටින සියලුම අමෙරිකානු ජාතිකයන් වෙත ගෝලීය ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

Read More

උසස් පෙළ කල් දමන්න ඉල්ලූ පෙත්සම නිෂ්ප්‍රභයි

2026 අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) තීරණය කළේය.

Read More

රුධිර පරීක්ෂාවකට වැඩියෙන් මුදල් අය කළ පෞද්ගලික රෝහලකට ලොකු දඩයක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදු කළ විශේෂ වැටලීමකදී, යාපනය පලාලි පාරේ කන්දර්මඩම් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය ආයතනයක් Full Blood Count (FBC) රුධිර පරීක්ෂණයක් සඳහා නියමිත රුපියල් 400ක උපරිම ගාස්තුව වෙනුවට රුපියල් 550ක් අය කර ඇති බව අනාවරණය වී ඇත.

Read More

දෙමාපිය සහය ඉල්ලා රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් විශේෂ දැනුම්දීමක්

දැනට පවතින ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන ළමා රෝගීන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර පවසයි.

Read More