බුද්ධිමය දේපළ පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය
ලෝක බුද්ධිමය දේපළ සංවිධානය විසින් පරිපාලනය කරන මැඩ්රිඩ් සන්ධාන පත්‍රයට ප්‍රවේශ වීමේ කටයුතු ඉදිරියට සිදු කිරීම හා ඒ සඳහා 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතට අවශ්‍ය සංශෝධන සිදු කිරීම පිණිස 2020‑02‑12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.