ඉන්දීය සංගීතඥ ඒ.ආර්. රහ්මාන් රෝහල්ගත කෙරේ
හදිසි අසනීප තත්වයක් නිසා ඉන්දීය සංගීතඥ ඒ.ආර්. රහ්මාන් රෝහල ගත කර තිබේ.
වසර 2002 දී තට්ට ගායිකාව සමාරම්භක නිෂ්පාදනයේ මැගිලින්ගේ චරිතයට පණ පොවමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් අප මිතුරිය ජිල්-මරී ජාර්විස් බොහෝ කලකට පසු ශ්‍රී ලංකාවට පැමිණීම අපේ ප්‍රීතියට කරුණක් විය.
2024 ජූලි 15 බොරැල්ල පුංචි තියටරයේ දී දක්නට ලැබෙන්නේ එම සතුට තට්ට ගායිකාව නාට්‍යය හා සම්බන්ධ කරගනිමින් ප්‍රේක්ෂකයින් සමඟ බෙදාගැනීමේ ප්රයත්නයකි මේ.
එක්තරා විදිහකට මෙය ඇරඹුණේ නාට්‍ය කණ්ඩායමේ "ඇතුළත වැඩක්" හැටියට ය. එහෙත් එවැන්නක් ප්‍රේක්ෂකයින්ට නිරාවරණය කිරීමෙන් වැඩක් මිස අවැඩක් සිදු නො වේ. එයින් විශේෂ නාට්‍යමය වාතාවරණයක් ගොඩනැඟේ. නාට්‍යය සමඟ තවත් ස්වරූපයක ගනුදෙනුවක් පෝෂණය කෙරේ.
"තට්ට ගායිකාව අමුතු විදිහකට" යනු reader's theatre (පාඨක රංගය), staged reading (වේදිකාගත කියැවීම) හා අප එදා-මෙදා-තුර රඟදැක්වූ කළ අංගසම්පූර්ණ නාට්‍යය යන තුනෙහි අන්තර්ඡේදනයක් තුළ තට්ට ගායිකාව පිටපත පිළිබඳ සිදු කරන රසවින්දනාත්මක අර්ථකථනයකි.
එහි දී සුපුරුදු වේදිකා නාට්‍යයේ පසුතල කොටස්, ආලෝකකරණය, රංග වස්ත්‍ර, සංගීතය හා ශබ්ද සංකලන ආදියේ සහාය ලබන නළුනිළියෝ පිටපතෙහි භාෂාමය හා චිත්තවේගී ගෘහනිර්මාණය අවධාරණය කරන නාට්‍යමය කියැවීමක යෙදෙති. ප්‍රේක්ෂක ශ්‍රවණේන්ද්‍රිය ද පරිකල්පනය ද වඩා වෙනස් නියුක්තියකට කැඳවුම් ලබයි.
ප්‍රවේශපත්‍ර :
උඩ 300/=
යට 700/=
සුබපතන්නෝ 2000/= (මේ සමඟ තට්ට ගායිකාව මුද්‍රිත කෘතියේ පිටපතක් පිරිනැමේ)
කංචුකා ධර්මසිරි - මුහුණු පොතෙන් උපුටා ගැනුණි
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හදිසි අසනීප තත්වයක් නිසා ඉන්දීය සංගීතඥ ඒ.ආර්. රහ්මාන් රෝහල ගත කර තිබේ.
2025 ග්‍රැමී සම්මාන උළෙලේදී, ජනප්‍රිය රැප් ගායක කානි වෙස්ට්(Kanye West) ගේ බිරිඳ නිරූපිකා බියන්කා සෙන්සෝරි (Bianca Censori) සම්මාන උළෙලේ රතු පළස මත දී සිය ඇඳුම උනා දැමීම මේ වනවිට හොලිවුඩයේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ.
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන්, BRIDGE to Equality විසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන 'විෂම සම' නාට්‍ය නිර්මාණය, අද පස්වරු 6.30 සිට කොළඹ එල්ෆිනිස්ටන් රඟහලේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.