රුධිර පරීක්ෂාවකට වැඩියෙන් මුදල් අය කළ පෞද්ගලික රෝහලකට ලොකු දඩයක්
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදු කළ විශේෂ වැටලීමකදී, යාපනය පලාලි පාරේ කන්දර්මඩම් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය ආයතනයක් Full Blood Count (FBC) රුධිර පරීක්ෂණයක් සඳහා නියමිත රුපියල් 400ක උපරිම ගාස්තුව වෙනුවට රුපියල් 550ක් අය කර ඇති බව අනාවරණය වී ඇත.