Views වලට කරන පහත් දේවල් අයේ කැරකිල එන්නේ ඔයාලටම තමයි - උමාරියා ගෙන් සැර කතාවක්
සජීවී සංගීත ප්රසංගයක් අතරතුර සිදුවූ සිදුවීමක් අළලා උමාරියා සිංහවංශට සමාජ මාධ්ය ඔස්සේ එල්ල කෙරෙන අපහාසවලට ඇය සිය මුහුණු පොතෙහි පිළිතුරු සටහනක් තබා තිබෙනවා.
14 වැනි වරටත් සංවිධාන කරන ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළට නිර්මාණ බාර ගැනීම මේ දිනවල සිදු කෙරේ.
ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් පමණක් විවෘත මෙම අවස්ථාවට, එක් අයදුම්කරුවෙක්ට චිත්‍රපට 2ක් ඉදිරිපත් කිරීමට හැකි අතර ඒවා උපරිම මිනිත්තු 30 කාලයකට යටත්ව, 2023 ජනවාරි 1 වැනිදාට පසු නිෂ්පාදනය කළ චිත්‍රපට විය යුතු ය.
චිත්‍රපට 2024 ඔක්තෝබර් 25 වැනිදාට පෙර යොමු කළ යුතු ය.
ඉදිරිපත් කෙරෙන කෙටි චිත්‍රපටවලින් තෝරා ගැනුණු හොඳම නිර්මාණ සහ නිර්මාණකරුවන් උදෙසා අංශ 15ක් යටතේ සම්මාන පිරිනැමීමට සංවිධායකයින් කටයුතු සුදානම් කොට ඇත.
හොඳම කෙටි චිත්‍රපටය, ජූරියේ සම්මානය, මානව හිමිකම් සම්මානය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සංවේදාත්මක කෙටි චිත්‍රපටය, හරිත සම්මානය, හොඳම සජීවීකරණ කෙටි චිත්‍රපටය, හොඳම සංස්කරණය, හොඳම කැමරා අධ්‍යක්ෂණය, හොඳම රංගනය සහ අනාගත බලාපොරොත්තු තැබිය හැකි සිනමාකරු (වයස අවුරුදු 24ට අඩු) ඇතුළු සම්මාන 15ක් එහිදී පිරිනැමෙනු ඇත.
ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළ දෙසැම්බර් 6 වැනිදා සිට 9වැනිදා දක්වා කොළඹ, ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිත යි.
වැඩි විස්තර www.agenda14.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සජීවී සංගීත ප්රසංගයක් අතරතුර සිදුවූ සිදුවීමක් අළලා උමාරියා සිංහවංශට සමාජ මාධ්ය ඔස්සේ එල්ල කෙරෙන අපහාසවලට ඇය සිය මුහුණු පොතෙහි පිළිතුරු සටහනක් තබා තිබෙනවා.
මැලේසියා අන්තර්ජාතික සිනමා උළෙලේ ‘හොඳම නළුවාට’ හිමි ජගත් සම්මානයෙන් පිදුම් ලැබීමට, ශ්‍රී ලංකාවේ ප්රවීන රංගන ශිල්පී මහේන්ද්ර පෙරේරා සමත් විය.
ජුරාසික් පාර්ක් සිනමාපට සහ පීකි බ්ලයින්ඩර්ස් ටෙලි කතා මාලාවේ රංගනයන් සඳහා වඩාත් ප්රසිද්ධ වූ නවසීලන්ත රංගන ශිල්පී සෑම් නීල් අභාවප්රාප්ත වී තිබේ.